December, 28, 2017
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන පාර්ශවයක් වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග, එළඹෙන සතියේ දී මුදල් මණ්ඩල හමුවීමෙන් පසුව තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.
2017 ජූලි 06 දින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය මාස 06 ක කාලයකට අත්හිටුවූ අතර එළඹෙන සතියේ දී එම කාලසීමාව ගෙවී අවසන් වීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ජනවාරි 06 දිනට පෙර මුදල් මණ්ඩලය රැස් වී ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බවයි.
Video Story