October, 16, 2016
වේගයෙන් වර්ධනයවන ඉ-වාණිජ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මෙරට ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ සමාගමක්වන Hire1 සමාගම සහ ප‍්‍රමුඛ පෙළේ ඉ-වාණිජ සමාගමක්වන WEBXPAY සමාගම පසුගියදා මූලෝපායික ගිවිසුමකට එළඹියේය.
ඉ-වාණිජ ක‍්‍රමවේදයට පිවිසෙන අංකුර සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වලට පරිපූර්ණ ඉ-වාණිජ සේවාවක් ලබා ගැනීමට මෙම ගිවිසුම හරහා හැකි වේ. මේ අනුව, WEBXPAY අන්තර්ජාල මුදල් ගෙවුම් පිවිසුම මෙන්ම, Hire1 සමාගමේ එක් දින භාණ්ඩ ලබා දීමේ සේවාව ද එකවර සේවා ලාභීන් හට හිමි වීම විශේෂත්වයකි.
”මුදල් ගනුදෙනු සහ ලොජිස්ටික්ස් කටයුතු ඕනෑම අන්තර්ජාල ව්‍යාපාරය අත්‍යවශ්‍ය සේවාවකි. උසස් ප‍්‍රමිතියෙන් යුතු, පරිපූර්ණ තාක්ෂණය මත පදනම් වූ සේවාවක් ලබා දීම සඳහා කැපවන WEBXPAY වැනි සමාගමක් සමග මෙලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. මෙම ඒකාබද්ධ සේවාව හරහා සියලූම අන්තර්ජාල ව්‍යාපාරවල අගය වර්ධනය කිරීම අපගේ අරමුණයි.” Hire1 සමාගමේ ප‍්‍රාරම්භක සහ ප‍්‍රධාන විධායක නිලධාරී යෙශාන්ත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ශී‍්‍ර ලංකාවේ ඉ-වාණිජ ක්ෂේත‍්‍රය ශීඝ‍්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. බොහෝ ව්‍යාපාර විලාසිතාවල සිට විදුලි උපකරණ දක්වා ඕනෑම භාණ්ඩයක් අන්තර්ජාලය හරහා පාරිභෝගිකයන් අතට පත් කිරීම සඳහා ඉ-වාණිජ වෙළඳපලට පිවිසෙමින් සිටී. කාලය සහ මුදල් වැය කරමින් කඩ සාප්පු වෙත ගමන් කිරීමෙන් සිදුවන අපහසුතාව ද පාරිභෝගිකයාට මේ අනුව මගහරවා ගත හැකිය.
Hire1 සමාගම අපගේ ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංගයක් සම්පූර්ණ කරනවා. තාක්ෂණය මත පදනම් වූ ඔවුන්ගේ සේවාව නිසා දැන් අපගේ අන්තර්ජාල පාරිභෝගිකයන් හට බාධාවකින් තොරව භාණ්ඩ තමන් සිටිනා තැනට ම ලබා දීමට හැකි වී තිබෙනවා. ” WEBXPAY සමාගමේ ප‍්‍රාරම්භක සහ ප‍්‍රධාන විධායක නිලධාරී ඕමාර් ෂහිබ් මහතා ප‍්‍රකාශ කළේය.
WEBXPAY සතු ඒකාබද්ධ ගෙවුම් පදනම අවම මුල්‍ය බැඳීමකින් යුතුව පැය 48ක් තුළ සිය අන්තර්ජාල ව්‍යාපාර ලියාපදිංචි කර ගැනීමේ පහසුව ව්‍යාපාරිකයන් හට හිමිකර දෙයි. මෙම සේවාවේ පවතින සුරක්ෂිතතාව, පිරිවැය කාර්යක්ෂමතාව සහ භාවිතයේ පහසුව නිසාම මාස 6ක් වැනි ඉතා කෙටි කලක් තුළ වෙළඳ ආයතන 200 කට අධික සංඛ්‍යාවක් WEBXPAY සේවාව සඳහා ලියාපදිංචි වී ඇත.
භාණ්ඩ එක් දිනක් තුළ පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා කැපවන සමාගමක් ලෙස Hire1 සමාගම ඉ-වාණිජ ක්ෂේත‍්‍රයේ ඉහත අවශ්‍යතාවන් සඳහා මනා පිටිවහලක් වෙමින් මෙරට අංකුර ව්‍යවසාය සඳහා ව්‍යාපාරික ප‍්‍රවේශයන් රැසක් ද නිර්මාණය කරයි.
(වමේ සිට දකුණට) Hire1 ව්‍යාපාර සංවර්ධන ප‍්‍රධානී ශානක පෙරේරා, Hire1 ප‍්‍රධාන විධායක නිලධාරී යෙශාන්ත් ගුණවර්ධන, WEBXPAY ප‍්‍රාරම්භක ඕමාර් ශහිබ් හා සජිත් චානුක සහ WEBXPAY ව්‍යාපාර මූලෝපාය අංශයේ උප සභාපති ආකිබ් අෆ්සාල්
Video Story