August, 29, 2016
කලාව තුළින් පරිසර සුරක්ෂිතතාව පිළිබඳ තාරුණ්‍යය දැනුම්වත් කිරීම සඳහා යුරෝපා සංගමයේ සහයෝගයෙන් යුතුව, ව්‍යාපෘති සේවා සඳහාවන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOPS) ලෝක පරිසර දිනයට සමගාමීව රාජ්‍ය ආයතන හා වෙනත් සංවර්ධන හවුල්කරුවන් සමග එක්ව මඩකලපුව, මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල ප්‍රජා සහභාගීත්ව ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කළේය.
මිලියන භාගයකට අධික ජනතාවක් ආවරණය කරමින් යුද්ධයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක හතක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා රජයේ ආර්ථික සහ සමාජ සංවර්ධන ව්‍යාපෘතියට අනුග්‍රාහකත්වය ලබා දෙන යුරෝපා සංගමය සහාය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP) සුවිශේෂී පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන සමස්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන ආධාර මුදල යුරෝ මිලියන 60 කි.
UNOPS ආයතනය යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ (ISWM) ක්‍රියාවලියේ "3R" සංකල්පය ප්‍රවර්ධනය කරයි. එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම, ඉවතලූ ද්‍රව්‍ය නැවත භාවිතයට ගැනීම සහ වෙනත් ආකාරයකින් ප්‍රයෝජනයට ගැනීම සඳහා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීම එම 3R සංකල්පයට අයත්වන පියවර වේ. මෙම සෑම පියවරකදී ම ප්‍රජා සහභාගීත්වය අතිශයින් වැදගත්වන අතර, ප්‍රජා සහභාගීත්වය ඇතිකර ගත හැක්කේ සමස්ත ක්‍රියාවලිය තුළ තමන්ගේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳ ප්‍රජාවට නිසි අවබෝධයක් ලබා දීමෙන් පමණි. පරිසරය රැක ගැනීම තුළ තමන්ට හිමි වගකීම පිළිබඳ ප්‍රජාවගේ දැනුම්වත් භාවය වැඩි කිරීම UNOPS ආයතනය විශේෂයෙන් ISWM ක්‍රියාවලිය ඔස්සේ මෙරට තුළ ක්‍රියාවට නංවන වැඩසටහන් තුළ වැදගත් අංශයක් බවට පත් වන්නේ එබැවිනි.
ලෝක පරිසරය දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වැඩසටහන් පරිසරය ආරක්ෂා කිරීම, කාබනික කෘෂිකර්මාන්තය හා විධිමත් කසළ කළමනාකරණවැනි තිරසාර ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම තුළ ප්‍රජාවගේ කාර්යභාරය වැනි කරුණු කරුණු පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරීම ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක විය.
කාබනික කෘෂිකර්මාන්තය සහ දේශීයව නිෂ්පාදිත ආහාර හා ගේදොර භාණ්ඩ ප්‍රවර්ධනය කරමින් මඩකලපුව ප්‍රදේශයේ "කෘෂි වෙළඳපල සහ ප්‍රදර්ශනය"ක් සංවිධානය කිරීමට ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකුවන ජාත්‍යන්තර මුල්‍ය සංස්ථාව (IFC) UNOPS ආයතනය සමග සම්බන්ධ විය. දින තුනක් පුරා පැවති ප්‍රදර්ශනය සඳහා සිසුන්, ගොවින්, ව්‍යාපාරිකයන් සහ දේශීය නිෂ්පාදකයන් ඇතුළු විවිධ පාර්ශව නියෝජනය කරමින් 5000කට අධික පිරිසක් සහභාගී වූහ. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිසට ස්වභාවික පාංශු සකසන සහ පොහොර, කාබනික ආහාර නිෂ්පාදනය, ජීව වායු නිෂ්පාදනය වැනි හරිත තාක්ෂණ ක්‍රමවේද, අපද්‍රව්‍ය කළමනාකරණය ආදී ක්ෂේත්‍ර රැසක් පිළිබඳ තොරතුරු ලබා දීමට සංවිධායකයන් කටයුතු යොදා තිබිණ. UNOPS සහ IFC ආයතන වලට අමතරව, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI), ජනතාක්ෂන්, වර්ල්ඩ් විෂන් සහ ඔක්ස්ෆම් වැනි දෙස්-විදෙස් රාජ්‍ය නොවන සංවිධාන, මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය අධිකාරීන් සහ විවිධ රජයේ දෙපාර්තමේන්තු ද මෙහිදී සිය අත්දැකීම් බෙදා හැරීමට එක් වූහ.
ලෝක පරිසර දිනයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) සහ කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් යුතුව වවුනියාව දිස්ත්‍රික්කයේ සියලු ම පාසල් නියෝජනය කරමින් පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් "ඝන අපද්‍රව්‍ය යළි භාවිතයට ගැනීම" යන මැයෙන් ප්‍රදර්ශන කලා තරගයක් සංවිධානය කෙරිණි. පාසල් 60ක සිසුන් 150 දෙනෙකු විසින් අඳින ලද චිත්‍ර සහ ඉවතලන ද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය කරන ලද ප්‍රයෝජනවත් භාණ්ඩ මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. "පරිසරය සහ ජීවිතය" යන තේමාව ඔස්සේ පාසල් සිසුහු විවිධ සංස්කෘතිකාංග සහ නාට්‍ය ද මෙහිදී ඉදිරිපත් කළෝය.
මන්නාරම දිස්ත්‍රික්කය තුළ මන්නාරම නගර සභාව සහ කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග එක්ව UNOPS ආයතනය පාසල් දරුවන් සඳහා අත්කම් නිර්මාණ තරගාවලියක් සංවිධානය කළේය. පාසල් දරුවන්ගේ නොමඳ සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලිය අවසානයේ පාසල් දරුවන් 200කට අධික පිරිසකගේ නිර්මාණ ප්‍රදර්ශනය කරමින් මන්නාරම පුරහලේදී මහජන ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.
ශ්‍රී ලාංකේය සමස්ත ජනගහනයෙන් 23% ක ප්‍රතිශතයක් නියෝජනය කරන වත්මන් ළමා සහ තරුණ පරපුර අනාගත තීරණ ගැනීමේ ක්‍රියාවලියට නායකත්වය දෙනු ඇත. ඔවුන් පරිසරය පිළිබඳව දක්වන ආකල්ප දැනටමත් රටේ ගමන්මග තීරණය කරමින් පවතී. අද දවසේ තාරුණ්‍යය පරිසරය සහ තිරසාර සංවර්ධනය පිළිබඳ දැනුම්වත් කිරීම සහ ඒ සඳහා සංවේදීතාවක් ඇති කිරීම, තිරසාර සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකේ. කුඩා දරුවන් සහ තරුණ පරපුර සිය පවුලේ සහ සමාජයේ වෙනසක් ඇති කිරීමට කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරන බැවින් UNOPS ආයතනය සිය පරිසර අධ්‍යාපන සහ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සඳහා අධ්‍යාපනික අංශ සමග සමීපව කටයුතු කරයි. සමස්ත රටේ පාරිසරික අභියෝග ජය ගැනීම සඳහා කුඩා දරුවන්, තරුණ-තරුණියන් සහ සමස්ත ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීමේ පවතින වැදගත්කම, එම වැඩසටහන් සඳහා හිමි වූ නොමඳ ප්‍රජා සහභාගීත්වය තුළින් වඩාත් පිළිබිඹු විය.
යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ UNOPS ආයතනය සමාජ යටිතල පහසුකම් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය සහ නිශ්චිත ශක්‍යතා වර්ධන වැඩසටහන් තුළින් මඩකළපුව, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවල 400,000 කට අධික පිරිසකට ප්‍රතිලාභ සලසයි.
Video Story