පරිසර හිතකාමී සෙලින්කෝ ලයිෆ් පානදුර ශාඛාවේ මෙහෙයුම් කටයුතු අරඹයි

    October, 13, 2016

    සූර්ය විදුලිය බලය, වැසි ජලය රැුස්කිරීමේ සහ අපජලය පිරිසිදු කිරීමේ පහසුකම්, පිරිමැසුම්දායී වායුසමීකරණ සහ විදුලි පද්ධති වලින් නව කාර්යාල ගොඩනැගිල්ල සමන්විතයි.

    සෙලින්කෝ ලයිෆ් විසින් හරිත මෙහෙයුම් කටයුතු සඳහා තිබෙන කැපවීම යළිත් පෙන්නුම් කරමින් පානදුර නගරයේ ඉදිකළ නව පරිසර හිතකාමී කාර්යාල ගොඩනැගිල්ල පසුගියදා විවෘත කරන ලදී.

    වර්ග අඩි 7,713 කින් සමන්විත තට්ටු තුනක සමාගමට අයත් මෙම ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ අංක 401, ගාලූ පාර පානදුර යන ලිපිනය දරණ ස්ථානයේයි. මෙම ගොඩනැගිල්ලට සූර්ය බලයෙන් විදුලිය ලබාගන්නා අතර බලශක්ති පිරිමැසුම්දායක වායුසමීකරණ, විදුලි පද්ධති සවිකර තිබේ. මීට අමතරව, වැසි ජලය රැුස්කිරීමේ පහසුකම් මෙන්ම මෙහි අපජලය පිරිසිදු කර ගෙවත්තේ ප‍්‍රයෝජනය සඳහා යොදාගැනීමේ පහසුකම් තිබෙන නිසා සම්පත් ඉතිරිකර ගනිමින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය අඩුකර ගැනීමට මින් හැකිවී ඇත.

    මෙම ගොඩනැගිල්ලේ සියළු පහසුකම් වලින් සමන්විත අංග සම්පූර්ණ සම්මන්ත‍්‍රණ ශාලාවක් සහ පාරිභෝගිකයින් වෙනුවෙන් විශාල වාහන අංගනයක් ඉදිකර තිබේ. සමාගම පවසන්නේ මෙම ගොඩනැගිල්ල වඩාත් පරිසර හිතකාමීකර ගැනීම සඳහා ඉදිකිරිම් පරිශ‍්‍රයේ තිබූ ගස් ගොඩනැගිල්ල ඉදිකිරීමේදී කපා ඉවත් නොකළ බවයි.

    මෙම නව ගොඩනැගිල්ල නිළ වශයෙන් විවෘත කරනු ලැබුවේ සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ, ආර්.රෙන්ගනාදන් මහතා විසින් වන අතර මීට වසරකට පෙර ඔහු විසින් මෙම ගොඩනැගිල්ලට මුල්ගල තබන ලදී. මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් පරිසර හිතකාමීත්වය පිළිබඳව තිබෙන කැපවීමේ කොටසක් ලෙස මෙම නව ගොඩනැගිල්ල නව පරිසර හිතකාමී මාදිලියක් භාවිතා කරමින් සැලසුම් කර ගොඩනගා තිබීම කැපී පෙනේ.

    පුනර්ජනනීය බලශක්තිය සහ ජලය භාවිතා කරන මේ ආකාරයේම ගොඩනැගිලි සමාගම විසින් තමන්ටම අයත් ඉඩම්වල වෙන්නප්පුව, ත‍්‍රිකුණාමලය සහ බණ්ඩාරවෙල ඉදිකර තිබෙන අතර හොරණ ඉදිකරමින් තිබෙන ශාඛාවේ වැඩ මේ වනවිට නිමකරමින් සිටී. සමාගම විසින් මේ වනවිට අනුරාධපුරය, යාපනය, මඩකළපුව, මහනුවර, කළුතර, කුරුණෑගල, ගම්පහ, මාතර, ගාල්ල, තිස්සමහාරාමය, මීගමුව, රත්නපුරය, කොටහේන සහ ගල්කිස්ස යන ස්ථානවල සමාගමට අයත් ශාඛා ගොඩනැගිලි පිහිටුවා තිබෙන අතර මින් කීපයක් සඳහා මේ වනවිට විදුලිය ලබාගන්නේ සූර්ය බලශක්තිය මගිනි.

    මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් විසින් පරිසර හිතකාමී මෙහෙයුම් කටයුතු තවත් පුළුල් කරමින් මේ වනවිට කොළඹ නගරයේ තිබෙන විශාලතම සූර්ය විදුලිබල පද්ධතිය කොළඹ 05 පිහිටා ඇති මූලස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත. මෙම සූර්ය විදුලිබල පද්ධතිය සඳහා රුපියල් මිලියන 13.7 ක් අයෝජනය කර තිබෙන අතර එමගින් කිලෝවොට් 63.18 ක විදුලි බලයක් උත්පාදනය කරනු ලබයි.

    මෙරට ජීවිත රක්ෂණ කර්මාන්තයේ වැඩිම ශාඛා ජාලය වන ශාඛා 250 ක් පවත්වාගෙන යන සෙලින්කෝ ලයිෆ් මෙරට දිස්ත‍්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම් සහ නගර 142 ක ශාඛා පවත්වාගෙන යයි.

    ශ්‍රී ලංකාවේ වටිනාම වෙළෙඳ නාමයක් ලෙස ස්වාධීන ඇගයීමට ලක්වූ සෙලින්කෝ ලයිෆ් 2004 සිට මේ දක්වා දීර්ඝ කාලීන රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රකට කළ නායකත්වය එලෙසම රඳවා ගැනීමට සමත්ව තිබේ. ප‍්‍රජා සත්කාරක සේවා සහ වෙළෙඳ නාම ගොඩනැගීම සඳහා කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක ගරු බුහුමනට සමාගම පාත‍්‍රවී ඇත.

    සෙලින්කෝ ලයිෆ්හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්.රෙන්ගනාදන් මහතා (වම) පානදුර නගරයේ ඉදිකළ නව පරිසර හිතකාමී කාර්යාලය