පරීක්ෂණ වාර්තා ක්‍රියාවලිය කඩිනම් කරන බවට මුදල් මණ්ඩලයෙන් ප්‍රකාශයක්

    October, 15, 2016

    මුදල් මණ්ඩලය විසින් 2016 ඔක්තෝබර් 14 වන දින පවත්වන ලද විශේෂ මුදල් මණ්ඩල රැස්වීමේ දී 2016 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සහ 2016 අගෝස්තු 31 දිනෙන් අවසන් මාස 5 තුල ප්‍රාථමික වෙළෙඳුන්ගේ මූල්‍ය කාර්යසාධනය ඇතුළු සමස්ත ක්‍රියාකාරීත්වය පිළිබඳව වූ අතුරු වාර්තාව සැලකිල්ලට භාජනය කරන ලදී.

    ඒ අනුව එම වාර්තාව මගින් ප්‍රාථමික වෙළෙඳුන්ගේ ක්‍රියාකාරීත්වයේ තියුණු විෂමතාවයන් මෙන්ම භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ ගනුදෙනු රටාවේ පවතින යම් යම් ගැටළු සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන ලදී.

    ඒ අනුව මුදල් මණ්ඩලය විසින් දැනට කරමින් පවතින පරීක්ෂණ වාර්තා ක්‍රියාවලිය කඩිනමින් නිම කරන ලෙස අදාල පර්ශවයන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙය මුදල් මණ්ඩලය විසින් ඉදිරියේ දී ගතයුතු ක්‍රියාමාර්ග කඩිනමින් නිර්ණය කිරීමට ඉවහල් වනු ඇත.