September, 9, 2024
ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2024 වසරේ සැප්තැම්බර් මස 06වන දින පැවැත්වූ ශ්‍රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව සමසත්කාරකත්වය දැරීය. මෙම වසරේ සමුළුවේ තේමාව ‘ආසියාවේ සහ පැසිෆික් කලාපයේ උද්ධමනය සහ විනිමය අනුපාත ප්‍රවනතා’ (Inflation and Exchange Rate Dynamics in Asia and Pacific) ලෙස දැක්විණි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමුළුවේ සමාරම්භක දේශනය ඉදිරිපත් කරමින්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කරගනිමින් සහයෝගී පර්යේෂණවල නියැලීමේ ඇති වැදගත්කම අවධාරණය කළේය. දියුණු ආර්ථිකයන් තුළ ශ්‍රම වෙළඳපොළවල පීඩන ක්‍රමයෙන් පහව යෑමත්, බලශක්ති මිල ගණන් වල අපේක්ෂිත පහත වැටීමත් සමඟ ගෝලීය උද්ධමනය මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේ ය.
තවද, ආසියානු පැසිෆික් කලාපයේ විවිධ හා අන්තර් සම්බන්ධිත ආර්ථිකයන් තුළ උද්ධමනය සහ විනිමය අනුපාතිකය අතර පවතින සම්බන්ධතාවය වඩාත් අදාළ වන බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට, ධනාත්මක ආර්ථික වර්ධනයට සහ ආර්ථික අර්බුදයෙන් පසු උද්ධමනය ස්ථාවර මට්ටමකට ලගාකරගැනීමට මඟ පෑදු මනා සම්බන්ධීකරණයකින්, විනිවිදභාවයකින් සහ ශක්තිමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස, 2022 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසු යථා තත්ත්වයට පත් වූ ආකාරය පිළිබඳව ද ඔහු විස්තර කළේය. අවසාන වශයෙන්, දේශීය ආර්ථිකයට දිගු කාලීන බලපෑම් ඇති කරන සංකීර්ණ ආර්ථික ගැටළු පිළිබඳ අවබෝධය ලබා ගැනීමට, නව්‍ය විසඳුම් සංවර්ධනය කිරීමට සහ ඵලදායී ප්‍රතිපත්ති සම්පාදනයට මෙවැනි සංසද දායක වන බව ඔහු අවධාරණය කළේය.
ආසියානු සංවර්ධන බැංකු ආයතනයෙහි පීඨාධිපති සහ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ටෙට්සුෂි සොනොබෙ මහතා විසින් වැඩමුළුවෙහි ආරම්භක අදහස් දැක්වීම සිදු කළ අතර ලොව පුරා නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි මහ බැංකු සෞඛ්‍ය අර්බුද, පවතින භූ දේශපාලනික ආතතීන්, වෙළඳ බාධා කිරීම්, උද්ධමන පීඩනය සහ දියුණු ආර්ථිකයන්හි මුදල් ප්‍රතිපත්ති තීරණ ඇතුළු සැලකිය යුතු අභියෝගවලට අඛණ්ඩව මුහුණ දෙන බව සඳහන් කළේය. මෙවැනි වැඩමුළු විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සංවාදයක් ඇති කිරීමට සහ ප්‍රතිපත්ති පර්යේෂණ තවදුරටත් වර්ධනය කිරීමට උපකාර වන බව ඔහු අවධාරණය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ කර්තෘවරුන් විසින් පර්යේෂණ පත්‍රිකා හයක් ඉදිරිපත් කරන ලද තාක්ෂණික සැසිවාර දෙකකින් සමුළුව සමන්විත විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සහ ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ පර්යේෂණ අංශයේ උප සභාපති ආචාර්ය දිල් රවුත් මහතා සැසිවාරයන්හි මුලසුන හෙබවූහ.
මහ බැංකු වෙබ් අඩවියේ ‘සමුළු, සම්මන්ත්‍රණ හා වැඩමුළු’ යන අංශය https://www.cbsl.gov.lk/sites/ default/files/cbslweb_documents/research/CBSL_ADBI_APAEA_Workshop_Sep2024_Agenda.pdf
හරහා සමුළුවේ වාර්තාවන්ට ප්‍රවේශ විය හැක.