October, 8, 2015
මහ බැංකුවේ වසර 10 ක කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරයා පැවසුවේ මහ බැංකුව සිදුකළ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවත් එම නිසා පසුගිය මාස හය ඇතුළුව පසුගිය වසර දහයක කටයුතු මෙසේ සොයා බලන බවයි.
හොඳම මහ බැංකුව නිර්මාණය කිරීමට වත්මන් රජය සූදානම් යැයිද අග්රාමාත්යවරයා පැවසීය.
Video Story