July, 16, 2020
කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ගේ ප‍්‍රතිලාභ සහ පහසුකම් තව තවත් ඉහළ නංවමින් මෙම කාණ්ඩයට පහසු ගෙවීමේ සැලසුම් පදනමින් සහ පොලී රහිත පදනමින් භාණ්ඩ හා සේවා අලෙවි කරන වෙළඳසැල් ජාලය 2000 ක් දක්වා වර්ධනය කර ඇති බව බැංකුව නිවේදනය කර ඇත.
මෙම පහසු ගෙවීමේ සැලසුම් සහ පොලී රහිත මිලදී ගැනීම් වලින් කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට මාස තුනේ සිට 60 ක් දක්වා කාල සීමාවකින් සමාන වාරික පදනමින් මුදල් ගෙවන පදනම මත භාණ්ඩ හා සේවා මිලදීගැනීමේ අවස්ථාව හිමිවේ.
පහසු ගෙවීමේ සැලසුම් සහ පොලී රහිත මිලදීගැනීම් කිරීම සඳහා බැංකුව සමග ලියාපදිංචි වී තිබෙන වෙළඳ නියෝජිතයින්ගේ ජාලයට ලයිෆ්ස්ටයිල් නිශ්පාදන හා සේවා, අධ්‍යාපනික ආයතන, ස්වර්ණාභරණ අලෙවිසැල්, රෝහල්, සංචාරක සමාගම් සහ අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා අලෙවිකරන සමාගම් ගණනාවක් ඇතුළත් වන බව බැංකුව සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මේ ආකාරයෙන් විශාල නියෝජිත වෙළඳසැල් ජාලයක් මගින් පුළුල් පරාසයක විහිදුණු භාණ්ඩ හා සේවා ප‍්‍රමාණයක් පහසුගෙවීමේ සැලසුම් සහ පොලී රහිතව මිලදීගැනීමට අවස්ථාව ලැබීම වර්තමාන තත්ත්වය නිසා ගනුදෙනු කරුවන්ට විශාල සහනයක් වන බව ප‍්‍රකාශ කළේය. පවතින ආර්ථික පසුබෑම හමුවේ ගනුදෙනුකරුවන්ගේ වැයකළ හැකි ආදායම අඩුවී තිබෙන නිසා මෙවැනි සහනයක් ඉතාමත් වටිනා බව ඔහු පැවසීය.
කාඞ්පත් හිමියන් පහසු ගෙවීමේ සැලසුමක් ලබාගැනීම සහ පොලී රහිත මිලදී ගැනීමක් කිරීමේදී එකඟවන කාල සීමාව අවසන් වනතුරු මාස්පතා ඔවුන්ගෙන් වාරික වශයෙන් මුදල් අයකිරීම සිදුකරයි. කාඞ්පත් හිමියා පහසු ගෙවීමේ සැලසුමක් අනුව යම් මිලදීගැනීමක් කළ පසු එම මුදලට සමාන වන ශේෂයක් බැංකුව විසින් ක්‍රෙඩිට් කාඞ්පතේ රඳවා ගන්නා බව බැංකුව සඳහන් කරයි. කෙසේවෙතත්, කාඞ්පත් හිමියා විසින් මාස්පතා ගෙවන සෑම වාරික මුදලකටම අනුව තිබෙන ශේෂය වර්ධනය වන බව බැංකුව වැඩිදුරටත් පවසයි.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 865 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
Video Story