July, 25, 2025
ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අදාළ ක්‍රියාත්මක කිරීමේ ලිපි අත්සන් කිරීම
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිල ණය හිමි කමිටුව සමඟ 2024 ජුනි 26 දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට (MoU) අනුව, ප්‍රංශ රජය හා ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම 2025 ජුනි 16 වන දින අත්සන් කරන ලදි.
ද්විපාර්ශ්වික ගිවිසුම නිල වශයෙන් අත්සන් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජයේ බලයලත් නියෝජිතයා ලෙස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සහ ප්‍රංශ රජයේ බලයලත් නියෝජිතයන් වන Agence Francaise_de Developpement (AFD), Bpifrance Assurance_Export සහ Banque de France_යන ආයතන සමඟ ක්‍රියාත්මක කිරීමේ ලිපි සම්පූර්ණ කළ යුතුය.
ඉහත කරුණු අනුව, Agence Francaise de Developpement (AFD), නියෝජිතායතනය සමඟ ක්‍රියාත්මක කිරීමේ ලිපිය අත්සන් කිරීම 2025 ජූලි 24 වැනි දින මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු විය. එම ක්‍රියාත්මක කිරීමේ ලිපියට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අත්සන් තැබූ අතර, ප්‍රංශ රජය වෙනුවෙන් Agence Francaise de Developpement (AFD), ආයතනයෙහි මෙරට අධ්‍යක්ෂ Yazid BENSAÎD මහතා එක් විය. අනතුරුව, Bpifrance Assurance Export සහ Banque de France යන ආයතන වලට අදාළ ක්‍රියාත්මක කිරීමේ ලිපි වලටද අත්සන් තබන ලදි.
ඉහත සඳහන් ක්‍රියාත්මක කිරීමේ ලිපි අත්සන් කිරීමත් සමඟ ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ ජනරජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අවසානය සනිටුහන් වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, තාවකාලිකව අත්හිටුවන ලද සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමට සහ නව ව්‍යාපෘති සඳහා ප්‍රංශ රජයේ සියලුම ණය ලබාදෙන ආයතන මඟින් මූල්‍යකරණය නැවත ආරම්භ කිරීමටත් මූල්‍යකරණය සුරක්ෂිත කිරීමටත් එමඟින් ශ්‍රී ලංකා රජයට හැකියාව ලැබෙනු ඇත.
Video Story