ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් දකුණු ඉන්දීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට

    September, 19, 2024

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ SriLankan Holidays සහ ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය (Sri Lanka Convention Bureau - SLCB) සමඟ එක්ව ශ්‍රී ලංකාව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළේය.

    මෙම වැඩසටහන සඳහා දකුණු ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන ලෙස සැලකෙන Deccan Chronicle, Tourism India, Malayala Manorama, Sun Group TV, Mathrubhumi Newspaper, DT Next  සහ Provoke Magazine නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට පැමිණියහ. ඔවුන් මෙරට සම්ප්‍රදායික හා සංස්කෘතික ආකර්ෂණීය ස්ථාන , දේශීය ආහාරපාන , සුන්දර වෙරළ තීරයන් , ස්වාභාවික මං පෙත් සහ සාප්පු සවාරි ඇතුළු විනෝදාස්වාද අංගයන් අත්විඳිනු ලැබීය.

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ලෙස මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම ඔස්සේ ශ්‍රී ලංකාව සංචාරක ගමනානන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කරවීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණයි.