January, 4, 2017
සමිට් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන කොටස්කරුවා වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සතු 16,996,650 ක් හෙවත් 75.54% ක කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගමට අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලබා දී ඇති බව සමිට් ෆිනෑන්ස් පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.
මේ අනුව නුදුරු දිනයක දී මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමට අදාළ කොටස් ගනුදෙනුව සිදුවීමට නියමිත අතර එහිදී කොටසක් සඳහා රු. 30.00 බැගින් රුපියල් 509,899,500.00 ක මුදලක් ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් එහිදී ආයෝජනය කිරීමට නියමිතය.
Video Story