ප්‍රයිම් සමූහයේ ගාල්ල ශාඛාව, වඩාත් ඉහළ පාරිභෝගික සේවාවක් සඳහා, පහසුකම් සහ පුළුල් ඉඩ පහසුකම් සහිත නව ස්ථානයකට

    July, 4, 2024

    ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විසින් සිය ගාල්ල ශාඛාව, පහසුකම් රැසකින් හා වඩා පුළුල් ඉඩපහසුකම් සමන්විත ගාල්ල, හැව්ලොක් පාරේ අංක 66 දරන ස්ථානයට ගෙන යන ලදී. මෙම පියවර ප්‍රයිම් සමූහයේ ගමන් මඟේ වැදගත් මං සලකුණක් වන අතරම, එය, ප්‍රයිම් සමූහය වැඩිදියුණු කළ පහසුකම් හා නවීන යටිතල පහසුකම් ඔස්සේ තමන්ගේ පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට දක්වන කැපවීම යළි යළිත් තහවුරු කරයි.

    තමන්ගේ සේවාදායකයින්ට ඉහළ මට්ටමේ පාරිභෝගික සේවාවක් සහ තමන් සපයන සේවා වෙත අසමසම ප්‍රවේශයක් ලබා දීමේ අරමුණින්, ප්‍රයිම් සමූහය සිය නව ශාඛාවේ යටිතල පහසුකම් සහ සේවා සැපයීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කර ඇත. තමන්ගේ සමාගමේ ප්‍රවීණත්වය උපයෝගී කරගනිමින්, ප්‍රයිම් සමූහය විසින් මෙම නව ශාඛාව සඳහා, ගෙවීම් සහ ප්‍රසම්පාදන ඒකකයන් වෙත සහ සේවා නැවත ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලීන් වෙත අවධානය යොමු කළ ස්වයංක්‍රීය ERP (ව්‍යාපාරික සම්පත් සැලසුම්) පර්යන්තයක් ස්ථාපනය කිරීම සහ තවත් ප්‍රධාන වැඩිදියුණු කිරීම් කිහිපයක්ම හඳුන්වා දී ඇත. මෙම වැඩිදියුණු කිරීම් මඟින්, විධිමත් කාර්ය ක්‍රියාවලියක්, දත්ත මත පදනම් වූ අධීක්ෂණ ක්‍රියාවලියක්, අඩු කඩදාසි භාවිතයක් සහ වඩාත් ශක්තිමත් මෙහෙයුම් අධීක්‍ෂණයක් සිදුවන බව සහතික කිරීම ඔස්සේ, පාරිභෝගිකයින්ට බාධා වීමකින් තොරව, ඔවුන්ගේ ඉල්ලීම් කාර්යක්ෂමව ඉටු කිරීමට කාර්ය මණ්ඩලයට හැකි වනු ඇත.

    ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මෙහිදී මෙසේ ප්‍රකාශ කර සිටියාය. “අපගේ අගනා ආයෝජකයින් සහ ගනුදෙනුකරුවන් සඳහා දේපළ සහ නිවාස පහසුකම් සැපයීමේ ක්ෂේත්‍රයේ පුරෝගාමීන් ලෙසට, ගාලු නගර මධ්‍යයේ පිහිටි අපගේ නව ශාඛාවෙන් අපගේ ගමනේ නව අදියරක් ආරම්භ කිරීමට ලැබීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ ගාල්ල ශාඛාව මෙසේ වඩාත්ම යෝග්‍ය ස්ථානයකට ගෙන යෑමෙන්, අපගේ සේවාවන්හි ව්‍යාප්තිය සඳහාත්, අප ලබා දෙන පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීම සඳහාත් අප සමාගම දරන්නා වූ කැපවීම පෙන්නුම් කෙරෙනවා. ආරම්භයේ සිටම අප සමාගම ක්ෂේත්‍රයේ ඉහළම තලයකට ගෙන ඒම සඳහා කටයුතු කළ අපගේ සමූහ සභාපති ප්‍රේමලාල් බ්‍රහ්මණගේ මහතාට ඔහුගේ දූරදර්ශී නායකත්වය වෙනුවෙනුත්, අපගේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතාට ඔහුගේ නොසැලෙන කැපවීම වෙනුවෙනුත් මේ මොහොතේදී හෘදයාංගම ස්තුතිය පුද කිරීමට මම කැමතියි. නව ශාඛාව වෙතින් අපගේ පාරිභෝගිකයින්ට ලැබෙන වැඩි දියුණු කළ පහසුකම් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව, අපව මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් අතරිනුත් ප්‍රමුඛයෙකු බවට පත් කිරීමට සහායක් වෙනු නොඅනුමානයි".

    තමන්ගේ නව ශාඛාවේ පිහිටීම අනුව ලැබෙන වාසිදායක තත්ත්වයන් අගය කරමින්, දර්ශනීය වැලිගම නගරයේ සිදු වන නව ව්‍යාපෘතිය ඇතුළුව, ප්‍රයිම් සමූහය විසින් දකුණුදිග වෙරළ තීරයේ දියත් කිරීමට සැලසුම් කොට ඇති නව ව්‍යාපෘති කිහිපයක්ම සම්බන්ධයෙන් නිවේදනය කර සිටී.

    ශක්‍යතාවයෙන් නොඅඩු දකුණු පළාත තුළ තවදුරටත් තම නාමය සටහන් කරමින්, ප්‍රයිම් සමූහය සිදු කරන ඉදිරි ව්‍යාපෘතියක් මාතර නගරයේ උදාර මාවතේ පිහිටා තිබේ. ඉතා ඉහළ නේවාසික පෙදෙසක් වන එය, ගාල්ල-මාතර පාරට මීටර 350 ක් පමණ දුරින් සහ මාතර නගරයට කිලෝමීටර් 3 ක් පමණ දුරින් පිහිටා ඇති අතර, ප්‍රදේශයේ සියලුම පෞද්ගලික සහ රජයේ පාසල් වලට සමීප දුරකින් පිහිටා ඇත. එසේම, පින්නදූවේ පිහිටි ව්‍යාපෘතියට අමතරව, නිස්කලංක හා මනරම් දර්ශනයන්ගෙන් සමන්විත හික්කඩුව කලපුවට මුහුණ ලා තිබෙන නව ව්‍යාපෘතිය, ප්‍රයිම් සමූහයේ දැවැන්ත ව්‍යාපෘති එකතුවට එක් වීමට නියමිතය.

    වර්තමානයේදී, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ විශ්වාසනීයම දේපළ වෙළඳාම් සමාගමක් ලෙසින් ඉදිරියට පැමිණ සිටින ප්‍රයිම් සමූහය, මෙම වසරේදී ජාත්‍යන්තර වෙළඳපොළ වෙත සහ නව ව්‍යාපාර හැකියාවන් වෙත පිවිසෙමින්, සිය වර්ධන වේගය තවදුරටත් තීව්‍ර කිරීම ඉලක්ක කොට ගෙන සිටී.