ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනයට ඉන්දුනීසියාව සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා

    August, 4, 2016

    ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත, ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද්විපාර්ශවීය සහයෝගිතා ඇතිකර ගැනීම සඳහා සාකච්ඡාවකට ආරාධනය කර සිටී.

    ඉන්දුනීසියානු ජනාධිපති Joko “Jokowi” Widodo පවසන පරිදි මෙරට ප්‍රවාහන වෙළෙඳපොළ සඳහා ආයෝජනය කිරීමට ඉන්දුනීසියානු රජය කැමැත්තෙන් පසුවන බව පවසා තිබේ. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දුනීසියානු සංචාරය තුළ දී ඊයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවක ඉන්දුනීසියානු ජනාධිපති Joko “Jokowi” Widodo මේ බව අනාවරණය කර ඇත.

    ඉන්දුනීසියාවේ දුම්රිය අපනයන කර්මාන්තය මේ වන විට සාර්ථක මට්ටමකින් ක්‍රියාත්මක වන අතර ඉන්දියානු දුම්රිය සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 73 ක වටිනාකමකින් යුතු දුම්රිය 150 ක ඇණවුමක් ඉන්දුනීසියාවට ලබා දී ඇත. තවද බංග්ලාදේශයෙන් ද දුම්රිය 15 ක ඇණවුමක් මේ වන විට ලැබී තිබෙන බව TEMPO.CO, Jakarta පුවත් සේවය වාර්තා කර සිටී.