ප්‍රාග්ධන ලාභ බද්ද අවුරුදු 10 ට අඩු ඉඩම්වලට පමණයි

    November, 18, 2016

    ඉඩම් හා දේපළ ගනුදෙනු සඳහා ප්‍රාග්ධන ලාභ බදු අය කිරීම වසර 10 කට වඩා අඩු කාලයක් තුළ වෙළෙඳාම් කරනු ලබන ඉඩම් හා දේපළවලට පමණක් බලපැවැත්වෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. පසුගිය දා පැවති පශ්චාත් අයවැය සම්මන්ත්‍රණයකට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “වසර 10 ක කාලපරාසයක් තුළ මිල දී ගෙන විකුණනු ලබන ඉඩම්වලට පමණයි ප්‍රාග්ධන ලාභ බද්ද අදාළ වන්නේ. ඊට වැඩි වැඩි කාලපරිච්ඡේදයක් අදාළ වන ඉඩම් හා දේපළ ගනුදෙනු මේ බද්දෙන් නිදහස් වෙනවා.“

    “මේ අංශයේ ලාභ බලාපොරොත්තුවෙන් ආයෝජනය කරන්නන් සහ වෙළෙන්ඳන් ඉලක්ක කර ගනිමින් පමණයි මේ බදු ක්‍රමය ක්‍රියාත්මක වන්නේ. පරම්පරාගත ඉඩම් විකිණීමේ දී ප්‍රාග්ධන ලාභ බද්ද අදාළ වන්නේ නැහැ“, යනුවෙන් මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.