ප්‍රාග්ධන ලාභ බද්ද ගැන හර්ෂගෙන් පැහැදිලි කිරීමක් – කොටස් ගනුදෙනුත් අදාළයි VIDEO

    June, 29, 2016

    ඉඩම් මිල ඉහළ යාමට වියදම් කර ඇත්තේ ආණ්ඩුව බවත්, එබැවින් එම වියදම් කරපු ප්‍රමාණයෙන් සුළු ප්‍රමාණයක් අයකර ගැනීම සාධාරණ බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ඊයේ (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය. එවැනි බදු හරහා වක්‍ර බදු අඩු කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

    ප්‍රාග්ධන ලාභ බද්ද බලපාන්නේ අතිවිශාල ලාභයක් ලබන අවස්ථාවල දී පමණක් බවත් එය කොටස් වෙළෙඳපොළේ හෝ ඉඩම් වෙළෙඳපොළේ හෝ විය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    https://www.youtube.com/watch?v=J_X1Nr9IYL4