ප්‍රාග්ධන ලාභ බද්ද හමුවේ කොළඹ කොටස් සසල වෙයි

    June, 17, 2016

    ප්‍රාග්ධන ප්‍රතිලාභ බද්ද අයකිරීම සඳහා කැබිනට් අනුමැතිය පසුගියදා හිමිවුණු අතර මෙම පසුබිම තුළ ක්ෂේත්‍ර ගණනාවක්ම මේ සඳහා යටත් වනු ඇතැයි පැවසේ.

    නිශ්චිතවම සඳහන් කොට නැතත් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් ලැබෙන ප්‍රාග්ධන ලාභ ද මෙම බද්දට යටත් වනු ඇතැයි ආයෝජකයින් අතර අපැහැදිලිතාවයක් මතුව තිබේ. මේ තත්ත්වය තුළ ඊයේ දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 1% කින් පහළ ගියේය.

    මේ අනුව ඊයේ (16) දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 64.87 කින් පහළ ගොස් ඒකක 6,435.77 ක් ලෙසින් වාර්තා විය. මෙය පසුගිය අප්‍රේල් 27 වනදායින් පසු වාර්තා වූ අවම සියලු කොටස් මිල දර්ශක අගයයි.

    දිනය තුළ වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 325.9 ක් තරම් පහළ අගයයක් විය.

    මෙහිදී විදෙස් ආයෝජකයින්ගේ ක්‍රියාකාරීත්වය බෙහෙවින් මන්දගාමී වූ අතර විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 80 ක් ලෙසත් විදේශීය විකුණුම් රුපියල් මිලියන 86 ක් ලෙසත් වාර්තා වුණි.

    Video Story

    Stock Market

    Exchange Rates