ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනයට ADB ආධාර

    September, 7, 2016

    යෝජිත ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මේ අනුව ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍යමය සම්පත් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ මඟින් ඵලදායී ලෙස එක්රැස් කිරීමේ අරමුණින්, ශක්තිමත් නෛතික හා නියාමන රාමුවකින් සමන්විත, කාර්යක්ෂම, ස්ථාවර හා විනිවිදභා‍වයෙන් යුත් ප්‍රාග්ධන වෙළඳපොළක් සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 250ක ප්‍රතිපත්ති පාදක ණය මුදලක් ලබාගැනීම සඳහා සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.