September, 4, 2014
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳ පොළ (Capital Market) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඇමරිකාවේ නිව් යොර්ක් නුවර පවත්වන පළමු ආයෝජන සමුළුව අමාත්‍ය සරත් අමුණුගම, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, විනිමය කොමිසමේ සභාපති නාලක ගොඩහේවා, කොටස් වෙළඳපොළ සභාපති, වජිර කුලතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වේ.
මෙම ආයෝජන සමුළුව සඳහා මෙරට ලයිස්තුගත සමාගම් සහ ප්‍රාග්ධන වෙළඳ පොළට සම්බන්ධ විශාල පිරිසක් සහභාගී වී සිටින අතර කොළඹ කොටස් වෙළඳ පොළ හා සුරැකුම්පත් හා විනිමය කොමිසම එක්ව සංවිධානය කරන මෙම සමුළුව සඳහා සහභාගී වන අරමුදල් කළමනාකරුවන් ප්‍රමාණය 190 කට අධිකය.
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද සහයෝගය ලබාදෙන J.W. Marriot Essex House හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුව නම්කර තිබෙන්නේ “Invest Sri Lanka – Investor Forum“ යන නමිනි.
.සමුළුව සඳහා ජෝන් කීල්ස්, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, හේලීස්, ඇක්සස් ඉංජිනියරිං, පීපල්ස් ලීසිං, හේමාස් හෝල්ඩින්ග්ස්, සොෆ්ට්ලොජික්, ටෝකියෝ සිමෙන්ති, ලාෆ්ස් හෝල්ඩින්ග්ස්, සන්ෂයින් හෝල්ඩින්ග්ස්, එම්.ටී.ඩී. වෝකර්ස්, යන සමාගම්වල නියෝජිතයින් සහභාගී වී සිටී.
Video Story