December, 19, 2015
මෙරට ණය සුරැකුම් වෙළෙඳපොළේ ක්‍රියාත්මක ප්‍රාථමික වෙළෙඳ ගනුදෙනුකරුවන් සඳහා බලපැවැත්වෙන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දමන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (19) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. 2016 අයවැය සඳහා වන නව සංශෝධන ප්‍රකාශයට පත්කරමින් මුදල් ඇමතිවරයා මේ බව පැවසීය.
මේ අනුව මෙතෙක් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ වෙළෙඳාම සඳහා තිබිය යුතු වූ රුපියල් බිලියන 1 ප්‍රාග්ධන ප්‍රමාණය රුපියල් බිලියන 1.5 දක්වා ඉහළ නැංවීමට 2016 නව අයවැය යෝජනා හරහා කටයුතු යොදා තිබේ.
මෙම නව නීතිය 2016 වසරේ අප්‍රේල් මස සිට බලපැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රාථමික වෙළෙඳපොළට සහභාගී වීම සඳහා අවසර ලබා දී ඇති ආයතන ප්‍රාථමික අලෙවිකරුවන් ලෙස හැඳින්වේ.
ප්‍රාථමික අලෙවිකරුවන්ගේ මූලික කාර්ය භාරය වන්නේ රාජ්‍ය ණය දෙපාර්තුමේන්තුව විසින් පවත්වනු ලබන ප්‍රාථමික වෙන්දේසිවලට සහභාගී වීමත් භාණ්ඩාගාර සුරැකුම්පත් සම්බන්ධයෙන් ද්විතියික වෙළෙඳපොළේ ගනුදෙනු කිරීමත්ය.
Video Story