December, 24, 2019
නත්තල් සමය වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිරන්තර පියාසර කිරීමේ වැඩසටහන වන ෆ්ලයිස්මයිල්ස් සේවාව විසින් සිය පාරිභෝගිකයන් වෙත විශේෂ දීමනාවක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. ඒ අනුව ගුවන් යානය තුළ දී සිදු කරනු ලබන විශේෂ දිනුම් ඇඳීමකින් තොරාගන්නා ජයග්‍රාහයන් වෙත මිලියන 3 ක් දක්වා ෆ්ලයිස්මයිල්ස් සැතපුම් ලබාදීමට කටයුතු යොදො තිබේ. 2019 දෙසැම්බර් මස 20 වන දින සිට 25 දක්වා කාලය තුළ ගුවන් මගීන්ට මෙම සැතපුම් මිලියන 3 ක වාසනාවන්ත මයිල්ස් හිමිවනු ඇත.
මෙහි දී ජයග්‍රාහකයින්ට කොළඹ, සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, ජකර්තා, බැංකොක්, මෙල්බර්න්, ටෝකියෝ, ලන්ඩන්, ඩුබායි, දෝහා සහ කැන්ටන් වැනි ආකර්ෂණීය ගමනාන්ත වෙත නොමිලේ ෆ්ලයිස්මයිල්ස් හිමි කර කැනීමේ අවස්ථාව උදා වී තිබේ.
මෙම උත්සව සමයේ දී ගුවන් සංචාරවල නරතවන මගීන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අලෙවි අංශය විසින් සංවිධානය කරන ලදී. සංචාරකයින් ආර්ශනය කර ගනිමින් සිදුකරනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් සඳහා මෑත කාලයේ දී ශ්‍රීලංකන් අලෙවි අංශය ගෝලීය සම්මාන කිහිපයකින්ම පිදුම් ලබා තිබේ. ශ්‍රී ලංකාවේ සංස්කෘතික උත්සව වල ස්වභාවය ගුවන් මගීන් සමඟ බෙදා හදා ගනිමින් සහ BIA වෙත පැමිණෙන විදේශීය සංචාරකයින් ද එම වැඩසටහන් සඳහා සම්බන්ධ කර ගනිමින් ශ්‍රී ලාංකික ජීවන රටාවේ අද්විතීය පැතිකඩයන් කෙරෙහි ඔවුන් තුළ උනන්දුවක් හා හැඟීමක් ඇති කරවීමට මෙම වැඩසටහන් හේතු වී තිබේ. එසේම පසුගියදා වෙසක් පොහොය දිනය වෙනුවෙන් දියත් කළ නව අලෙවිකරණ වැඩසටහනක් වන‘Spirit of Vesak at BIA’’ සඳහා ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association) සම්මාන උළෙලේ දී ‘හොඳම අලෙවිකරණ නවෝත්පාදන’(Best Marketing Innovation’ ) සම්මානයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය පිදුම් ලැබීය.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ භූමි හැසිරවීමේ නිලධාරීන් විසින් සංචාරකයින් වෙත දිනුම් ඇදීමට අදාල කූපන් පත් බෙදා දෙන ලදී. ඉන් පසුව ගුවන් යානයේ දී සංචාරකයෙකු විසින් ජයග්‍රාහී කූපන් පත් තෝරාගන්නා ලදී. ජයග්‍රාහකයන් වෙත ඔවුන්ගේ ජයග්‍රහණය සනාථ කිරීමේ ලිපියක් ගුවන් යානය තුළ දීම ලැබෙන අතර එය ගුවන් සේවා ප්‍රවර්ධන කාර්යාල වෙත ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ට හිමි ත්‍යාගය ලබා ගත හැකිවේ. ශ්‍රීලංකන් ගුවන් සේවය වත්මන් හි රටවල් 58 ක ගමනාන්ත 130 ක් දක්වා සිය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කර ඇත. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිරන්තර පියාසර වැඩසටහන (FFP)යටතේ ක්‍රියාත්මක වන සාමාජික ස්ථර තුන වන බ්ලූ, සිල්වර්,ගෝල්ඩ්,(Blue, silver and Gold) හි සිටිනා සියලුම ෆ්ලයිස්මයිල්ස් සාමාජිකයන්ට ආකර්ෂණීය වාසි රැසක් ලබාගැනීමට මෙමගින් හැකිවනු ඇත. විශේෂයෙන්ම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානය හරහා ගුවන්තොටුපළ විවේකාගාර පහසුකම් ලබා ගැනීම, වැඩිපුර ගමන් මලු රැගෙන යාමේ පහසුව ඇතුළු ඇදහිය නොහැකි වරප්‍රසාද රාශියක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු යොදා ඇත. ශ්‍රීලංකන් සමඟ නිරන්තරයෙන් පියාසැරියේ යෙදෙන පාරිභෝගිකයන් හට සුවදායී ගුවන් ගමන් පහසුකම් ලබාදීමටත් නව ආරයකින් යුත් වාසි රාශියක් ලබා දීමත් ජාතික ගුවන් සේවයේ සුහදශීලී කාර්යභාරය වී ඇත.