February, 29, 2016
කොමර්ෂල් බැංකුව හරහා ප්‍රේෂණ මුදල් ලබාගන්නා අය වෙනුවෙන් 2015 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් දියත් කළ ප්‍රවර්ධන වැඩසටහන අවසානයේදී රුපියල් 5000 ක් වටිනා ත්‍යාග පාර්සල් 300 ක් අදාළ ජයග්‍රාහකයින් වෙත බැංකුව පසුගියදා පිරිනැමීය.
මෙම ප්‍රවර්ධන වැඩසටහන විවෘත වූයේ කොමර්ෂල් බැංකුවේ අති නවීන අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව වන ඊ- එක්ස්චේන්ජ් මෙන්ම මනිග්‍රෑම්, රියා හෝ එක්ස්ප්‍රස් මනි ප්‍රේෂණ සේවා මගින් ප්‍රේෂණ මුදල් ලබාගන්නා ගනුදෙනුකරුවන් වෙනුවෙනි.
සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයෙකු තමන්ට හිමි ත්‍යාග පාර්සලය කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන කළමනාකරු, ඊ-බැංකුකරණ ප්‍රදීප් බන්දුවංශ මහතාගෙන් (වමේ) ලබාගන්නා ආකාරයයි.
Video Story