පාකිස්ථානු වානිජ ඇමතිවරයා ලංකාවට එයි

    November, 10, 2015

    තෙදින නිල සංචාරයක් සඳහා පාකිස්ථානු වානිජ අමාත්‍ය කුරාම් ඩස්ට්ගිර් ඛාන් මහතා අද දින දිවයිනට පැමිණීමට නියමිතය. ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකි.

    ඒ මහතා සමඟ සිමෙන්ති, ඖෂධ, ආහාර හා පාන, සීනි, නාවුක, ඉදිකිරීම් හා නිෂ්පාදන යනාදී වශයෙන් කර්මාන්ත ක්ෂේත්‍ර ගණනාවකම ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් මෙම සංචාරයට එක්වනු ඇත.

    මෙම සංචාරයේ දී පකිස්ථානු වානිජ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ද හමුවීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකාවේ, දකුණු ආසියානු කලාපයේ දෙවන විශාලතම වෙළෙඳ සහකරුවා වන්නේ පාකිස්ථානයයි.

    Video Story

    Stock Market

    Exchange Rates