පාරිභෝගික භාණ්ඩ ගනුදෙනුකරුවන්ට Direct2Door වෙතින් වාසි රැසක්

    December, 14, 2016

    නව ගනුදෙනුකරුවන්ට පළමු මිල දී ගැනීම් තුනට රු. 250 ක මිල අඩු කිරීමක්

    වර්තමානයේ දී සීඝ්‍රයෙන් වර්ධනය වන පාරිභෝගික පදනමකට හිමිකම් කියනා ඉතා ශක්තිමක් ලෙස වෙළෙඳපොළ තුළ ස්ථාපිතව සිටින පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළේ නියමුවා වන Direct2Door විසින් කොළඹ සහ මහකොළඹ කලාපයේ වෙසෙන පාරිභෝගික ජනතාව වෙත සිය සේවාවන් තවදුරටත් පුළුල් කරමින් සිටී. එය හුදෙක් දොරින් දොර භාණ්ඩ බෙදාහැරීමට පමණක් සීමා නොවී, ඉහළ පුහුණුවකින් සන්නද්ධ සිය කාර්ය මණ්ඩලය හරහා පාරිභෝගිකයාගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන ඒවා සපුරාලීමට ඇප කැප වී සිටින බව මෙහිදී කිව මනාය.

    මෙම ක්‍රියාවලියේ තවත් පියවරක් ඉදිරියට තබමින් සිය පාරිභෝගිකයින් වෙත, ඔවුන් විසින් සිදුකරනු ලබන පළමු මිල දී ගැනීම් තුන සඳහා රු. 250 ක මිල අඩු කිරීමක් Direct2Door වෙතින් ලබා ගැනීමට දැන් අවස්ථාව ලැබී ඇත. මීට අමතරව දැනටමත් Direct2Door සේවාලාභීන් හට ඔවුන් විසින් සිය හිතවතුන්හට Direct2Door පිළිබඳ සිදුකරන නිර්දේශයන් අනුව විස්මිත ත්‍යාග සහ අතිරේක වට්ටම් ලබා දීමට Direct2Door සැදීපැහැදී සිටී.

    මීට අමතරව නැවුම් එළවළු සඳහා ලබා දෙන 10% ක වට්ටම් තවදුරටත් ක්‍රියාත්මක අතර අලුත් පැරණි සෑම ගනුදෙනුකරුවකුටම මෙම ප්‍රතිලාභය භුක්ති විඳිය හැකිවේ. නව ගනුදෙනුකරුවන්ට ලබා දෙන දීමනාවන්ට අතිරේකව ඕනෑම විටෙක මෙම වාසිය දැනට සිටින සහ අලුතෙන් එක්වන සියලු ගනුදෙනුකරුවන් හට භුක්ති විඳීමට අවස්ථාව ලැබෙනු ඇත.

    භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා www.direct2door.lk වෙත පිවිසෙන්න. නැතිනම් 0117 556600ට කතා කරන්න. එසේම 0779884631 අංකයෙන් Whatsapp හරහා ද භාණ්ඩ ඇණවුම් කළ හැකිය. සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව සඳහා භාණ්ඩ බෙදාහරින අවස්ථාවේ දී වීසා හෝ මාස්ටර්කාඩ් පත් තුළින් ගෙවීම් භාර ගැනීම ද Direct2Door මේ වන විට ආරම්භ කර තිබේ.

    ප්‍රශාන්ත් ප්‍රේමකුමාර් සහ තිබදර්ශන් කන්දයියාගේ සුසංයෝගයෙන් ඇරඹි Direct2Door, මෙරට සිල්ලර අලෙවිකරුවන් හා අන්තරාල වෙළෙඳාමෙහි නිරත පුහුණුවලත් ස්වාධීන අතරමැදියන් හරහා උසස් තත්ත්වයේ පාරිභෝගික භාණ්ඩ ගනුදෙනුකරුවන්ගේ දොරකඩටම බෙදාහරිනු ලබයි. කොළඹ නගරය තුල පැය 2 ක පමණ කාලයක් තුළ දී නොමිලේ භාණ්ඩ බෙදාහැරීමට Direct2Door අද වන විට සූදානම්ය. අනෙකුත් ප්‍රදේශවලට ඉතා සුළු නාමික බෙදාහැරීමේ ගාස්තුවක් යටතේ භාණ්ඩ බෙදාහැරෙනු ඇත. මෙය හුදෙක් භාණ්ඩ ගබඩා තුළ කාලාන්තරයක් පුරාවට රඳවා තබා ගනිමින්, සන්නාමගත බෙදාහැරීමේ වාහන හරහා අවශ්‍ය භාණ්ඩ වටිනාකමට වඩා වැඩි බෙදහැරීමේ ගාස්තුවක් අයකරමින් සිදුකරනු ලබන අලෙවිකරණයට වඩා සම්පූර්ණයෙන් වෙනස් කර්තව්‍යයක් වන්නේ එබැවිනි.

    භාණ්ඩ මිල දී ගැනීම සඳහා විවිධ වෙළෙඳසැල්වලට ගමන් කරමින් තමන්ට අවශ්‍ය එකිනෙක භාණ්ඩ තෝරා ගන්නවාට වඩා අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් කිරීම ඉතා කාර්යක්ෂම කටයුත්තක් බව Direct2Door පිළිගැනීමයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයෙකු විසින් සතියකට අවම තරමින් පැය 5 ක් වත් භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙළෙඳසැල්වලට කාලය ගත කරන අතර www.Direct2Door.lk වෙත පිවිසීමෙන් හෝ 0117 556600 ට ඇමතුමක් ලබා දීමෙන් මිනිත්තු දෙකක් වැනි ඉතා අඩු කාලයක දී සිය අවශ්‍යතාව සපුරා ගැනීමට මෙහිදී හැකිවනු ඇත. භාණ්ඩ මිල දී ගැනීම සඳහා වෙළෙඳසැල් වෙත යාමේ දී ඇති වන මුදල් ගෙවීමේ පෝලිම්, වාහන නැවැත්වීමේ ගැටළු යනා දී ප්‍රායෝගික අපහසුතා රැසක් Direct2Door වෙතින් මග හැරෙන අතර පාරිභෝගිකයා විසින් තෝරා ගත් භාණ්ඩයම නැවුම් බව සුරකිමින් ඔවුන් අතට පත් කරලීමට Direct2Door කටයුතු කරනු ලබයි. මෙය කාලය ඉතුරු කරමින් ගනුදෙනුකරුවන්ගේ ජීවිතය තවදුරටත් පහසු කරලන්නකි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Direct2Door සම ආරම්භක ප්‍රවර්ථක ප්‍රශාන්ත් මෙසේ කියා සිටියේය. “නියම තක්කාලි හෝ කැරට් තෝරා ගැනීම කලාවක්. එය Direct2Door හඳුන්වා දීම තුළින් අපි ඉගෙනගත් එක් පාඩමක්. අපේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් අපි විසින් තෝරා ගන්නා භාණ්ඩ නිරතුරුවම හොඳම ඒවා බව අපි තහවුරු කරනවා. විශේෂයෙන්ම නැවුම් නිෂ්පාදිත.“

    ඉතා උසස් මෙන්ම නැවුම් එළවළු සිය ගනුදෙනුකරුවන් වෙත සුරැකිව බෙදාහරින අතරවාරයේ ඉතා නැවුම් මුහුදු ආහාර සහ මස් වර්ග ලබා දීමේ දීද Direct2Door අද වන විට සිය ගනුදෙනුකරුවන්ගේ ගෞරවාදරයට පාත්‍ර වී සිටී. ගනුදෙනුකරුවාගේ අභිලාෂය පරිදි මනා කොට කණ්ඩනය කර, පිරිසිදුව ඇසුරුම්ගතව ඒවා ඔවුන් වෙත Direct2Door පිරිනමනු ලබයි.

    “ආරම්භයේ දී අප ගනුදෙනුකරුවන්ගේ භාණ්ඩ මිල දී ගැනීමේ රටාව පිළිබඳ අපි අධ්‍යයනයක් සිදු කළා. එහිදී නියැදිගත පිරිසකගෙන් ඔවුන් එළවළු සහ අනෙකුත් සිල්ලර භාණ්ඩ මිල දී ගන්නා රටාව අපි නිරීක්ෂණය කළා. ඉන්පසු කාබනික සහ අනෙකුත් එළවළු වර්ග සපයනු ලබන දේශීය වෙළෙඳුන් හා සිල්ලර වෙළෙඳුන් සමඟ අප සම්බන්ධ වුණා. එහිදී කොළඹ නගරයේ ජනතාව වෙත ඉතා සුළු කොමිස් ගාස්තුවක් තබා ගනිමින් නොමිලේ භාණ්ඩ බෙදාහැරීමට අපි සමත් වුණා“, යැයි ප්‍රශාන්ත් වැඩිදුරටත් පැවසීය.

    Direct2Door හි තවත් විශේෂත්වයක් වනුයේ එය සිය ගනුදෙනුකරුවන් හරහා කටින් කට අලෙවිකරණ ව්‍යාපාරයක නිරත වීමයි. එසේම Direct2Door විසින් යොදා ගනු ලබන්නේ ත්‍රීවීල්, මෝටර් සයිකල් වැනි මිල අඩු බෙදාහැරීමේ ක්‍රමවේදයන්ය. මීට අතිරේකව Direct2Door හි දිගුකාලීන වර්ධනය සඳහා Lankan Angel Network හි සාමාජිකයින් වෙතින් උපදෙස් හා අරමුදල් ලබා ගැනීමට ද මේ වන විට පියවර ගෙන තිබේ.

    “අප ගනුදෙනුකරුවන් විසින් සිදුකරනු ලබන සියලූම ගනුදෙනුවල වාර්තා අප අධීක්ෂණය කරනවා. මොනවාද මිල දී ගත්තේ, කවුරුන් විසින් ද යනා දී සියලු තොරතුරු සුරැකිව අප තබා ගන්නවා. එම තොරතුරු පසුකාලීනව අලෙවි පුරෝකථනයන් සඳහා යොදා ගැනීම අපගේ බලාපොරොත්තුවයි. Direct2Door වැනි තෙවැනි පාර්ශවයීය අතරමැදි ආයතනයක් හා සම්බන්ධවන වෙළෙඳුන්ට හා සැපයුම්කරුවන්ට ප්‍රතිලාභ ගණනාවක් හිමිවන බව මෙහිදී කිව යුතුයි. අපගේ අභ්‍යන්තර සමීක්ෂණවලින් අනාවරණය කර ඇති ආකාරයට පාරිභෝගිකයින් විසින් වෙළෙඳසැල්වල ගතකරනවාට වඩා දෙකහමාරක කලායක් අපගේ අන්තර්ජාල වේදිකාව තුළ ගතකරන බව නිදසුනක් ලෙස මෙහිදී අනාවරණය කළ හැකියි“, යැයි ප්‍රශාන්ත් වැඩිදුරටත් පැවසීය.

    මීට අමතර Direct2Door ආදි කර්තෘවරුන්ය හට මෙම ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරලීමේ දිගු කාලීන සැලසුම් ගණනාවක් තබා ඇත. මීළඟ මාස කිහිපය තුළ දී සිය ව්‍යාපාරය තුළින් මෙම සැලසුම් යථාර්ථයක් බවට පත් කරලීමට එම සැලසුම් බෙහෙවින් උපකාරී වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. ගනුදෙනු විශ්ලේෂණය තුළින් ලාභ උපරිම කර ගැනීම මෙන්ම, පාරිභෝගිකයින් නිරන්තරයෙන් මිල දී ගන්නා භාණ්ඩ හඳුනාගෙන ඒ වෙනුවෙන් තමන්ගේම ආකෘතියක් ඇසුරෙන් දත්ත හා තොරතුරු හඳුනාගැනීම මෙමඟින් සිදුකෙරනු ඇත. මෙය පර්යේෂණ හා පුරෝකථන ශිල්පක්‍රම තුළින් ඉදිරියේ දී තවදුරටත් නැවුම් හා ගතික ප්‍රවේශයක් ලෙසින් ගනුදෙනුකරුවන්ට මෙන්ම වෙළෙඳුන්ට ද ප්‍රතිලාභ රැසක් අත්කර දීමට සමත් වනු ඇත.