පාවහන් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නවතම අත්දැකීම් රැසක් සමග DSI ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරය නවීකරණය වේ

    September, 25, 2024

    වසර 62 ක අඛණ්ඩ ජනතා විශ්වාසය සමග ලොව දිනූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් සන්නාමය වන DSI ආයතනික ගමන්මගෙහි තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින්, පාවහන් මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නවතම අත්දැකීම් රැසක් හඳුන්වා දෙමින් කොළඹ 02 ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරය නවීකරණය කර නව මුහුණුවරකින් නැවත විවෘත කිරීම 2024 සැප්තැම්බර් 10 වැනිදා සිදුකෙරිණ.

    ශ්‍රී ලාංකීය ජන හදගැස්ම හඳුනන DSI සන්නාමයේ පාරම්පරික විශිෂ්ඨත්වය රැකගෙන, නූතන ජීවන විලාසිතාවන්ට සරිලන ආකාරයෙන් නවීනත්වය මුසුවූ ආකර්ෂර්‍ණය පෙනුමකින් යුතුව මෙම ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරය නවීකරණය වී ඇත. DSI අනගි පාවහන් නිපැයුම් පෙළ අතරින් තමාට ගැලපෙන පාවහන් සිත්සේ තෝරගැනීමට වැඩි ඉඩකඩක් එහි සලසා ඇත.

    නව මුහුණුවරකින් යුත් මෙම නව ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට DSI සැම්සන් සමූහ ව්‍යාපාරය නියෝජනය කරමින් එහි සම්මානිත කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය කුලතුංග රාජපක්ෂ සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් රාජපක්ෂ යන මහත්වරුන් ද ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම නියෝජනය කරමින් එහි සම්මානිත සභාපති නන්දදාස රාජපක්ෂ, කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ, අධ්‍යක්ෂ අසංක රාජපක්ෂ, සාමාන්‍යාධිකාරී ප්‍රදීප් සමරතුංග, අලෙවි අංශ ප්‍රධානී හරිත ඉන්දීප සහ ජාතික විකුණුම් කළමනාකාර (සිල්ලර විකුණුම්) නලීන් වීරවර්ධන යන මහත්වරුන් මෙන්ම ආරාධිතයන් හා හිතවත් පාරිභෝගිකයන් රැසක් සහභාගීවූහ.

    DSI පසුගිය වසර කිහිපය පුරා සිය ප්‍රදර්ශනාගාර ජාලය දීපව්‍යාප්ත කිරීමේ අරමුණෙන් නව ප්‍රදර්ශනාගාර රැසක් විවෘත කරන ලදී. ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුසිත රාජපක්ෂ මහතා නවීකරණය කළ ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම පිළිබඳ අදහස් දක්වමින් “ආකර්ෂර්‍ණය ලෙස නවීකරණය කරන ලද මෙම ප්‍රදර්ශනාගාරය පාරිභෝගික කේන්ද්‍රීය සේවාවකට සියළු පහසුකම් සහිතයි. මෙය ශ්‍රී ලංකාවේ පාවහන් විකුණුම් සම්ප්‍රදායේ විප්ලවීය වෙනසක් සිදුකරන ප්‍රදර්ශනාගාරයක් බවට පත්වේ යැයි අප විශ්වාස කරනවා.” යැයි පැවසීය.

    DSI ටවුන්හෝල් ප්‍රදර්ශනාගාරයේ නව්‍යකරණය පාරිභෝගිකයන්ට අමතක නොවන අත්දැකීමක් බවට පත්කිරීමෙහිලා සුවිශේෂී ප්‍රවර්ධන දීමනා රැසක් ක්‍රියාත්මක වේ. පළමු පාරිභෝගිකයන් 100 දෙනා වෙත කෘතවේදී ත්‍යාගයක් ලෙස ගෘහස්ථ අලංකරණය සඳහා භාවිතා කළ හැකි සදාහරිත සමරු තිළිණයක් ලබාදීමද සිදුකෙරේ.

    කොළඹ 02, යුනියන් පෙදෙසේ අංක 525 දරණ ස්ථානයේ ඇති නවීකරණය වූ DSI ශාඛාවට ඔබත් අදම පිවිස ශ්‍රී ලංකාවේ පාවහන් අලෙවියේ නවතම අත්දැකීම ලබාගන්න.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් අලෙවිසැල් ජාලය ලෙස ජනතා ගෞරවාදරයට පාත්‍ර වූ ඩී සැම්සන් සහ පුත්‍රයෝ පුද්ගලික සමාගම U Softo, Ranpa, Samsons, DSI Supersport, Beat, Beach, Petalz, Fun Souls, Tamik,

    Waves, Jessica, Picasso, Islander සහ AVI යන දේශීය සන්නාමයන් මෙන්ම කීර්තිමත් ජාත්‍යන්තර සන්නාමයන් වන Redtape, Reebok, Puma, Fila, U.S. Polo, Adidas, Modare, Asics සහ Von Wellx යනාදී දෙස් විදෙස් අනගි පාවහන් නිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකිකයන් වෙත රැගෙන එයි.