October, 3, 2014
පෑන් ඒෂියා බැංකුව විසින් එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට සූදානම් වන අතර මෙම නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබේ.
මෙහිදී, පළමු අදියරේ ණයකර මිලියන 20 සඳහා අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මේ අනුව, මෙම නිකුතුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 03 ක් වන අතර නිකුතුව ඔක්තෝම්බර් 24 වනදා මහජනතාවට විවෘත වේ.
මෙම නිකුතුව පිළිබඳව අප සමග අදහස් දක්වමින් පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතා පැවසුවේ මෙම ණයකරයේ ආයෝජනය කරන්නන්ට සියයට 9.75 ක පොලී අනුපාතයක් හිමිවන බවත් එය බදු වලින් නිදහස් බවයි.
දැනට වෙළඳ පොළේ තිබෙන පොලී අනුපාතය සැලකීමේදී මෙය ඉහළ පොලී අනුපාතයක් බව හෙතෙම සඳහන් කළේය.
“ණයකරය මගින් රැස්කර ගන්නා මුදල් වලින් අපි බලාපොරොත්තු වන්නේ පෑන් ඒෂියා බැංකුවේ ප්රාග්ධනය ශක්තිමත් කරන්නයි.“
යනුවෙන් පෙරේරා මහතා වැඩිදුරටත් කීය.
Video Story