December, 17, 2015
මෙම වසරේ ජුනි මාසයේ දෙශීය වෙළෙද පොළට එක් වූ පික්මී තාක්ෂණයට නව අංග දෙකක් එකතු වී ඇති අතර එමගින් එම යෙදුමෙහි භාෂා මාධ්‍ය තවත් පුළුල් වී ඇත. මෙම නව අංග තුළින් පික්මී යෙදුමට සිංහල හා දෙමළ භාෂා අතුරු මුහුණත් (Interfaces) එකතු වන අතර එමගින් ලබන වසර වනවිට ශ්‍රී ලංකාව පුරා මෙම සේවාව ව්‍යාප්ත කිරීම ආයතනයේ අරමුණ වේ. ජාත්‍යන්තර තරග කරුවන් සමග සසදා බලන විට ඔවුන්ගේ පාරිභෝගිකයින් හට ත්‍රී රෝදරථ, කුඩා කැබ් රථ මෙන්ම සෙඩාන් වර්ගයේද රථ සපයමින් වෙළදපොළෙහි පහළ සිට මධ්‍යම සහ ඉහළ තලයේ සිටින පාරිභෝගිකයින් හට සේවා සැපයීම පික්මී ආයතනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වේ.
පික්මී තාක්ෂණය අද්විතීය සහ නව ආකාරයකින් ආර්ථිකයට දායක වේ. එහි ව්‍යාපාරික විසඳුම් තුළින් සේවා සැපයුම්කරු හා පාරිභෝගිකයා අතර නිර්මාණය කරන දැඩි සබඳතාව ව්‍යසායකයින්ට තනි තනිව මහජන වෙළදපොළට පහසුවෙන් එක්වීමට අවස්ථාව උදා කර දේ. පික්මී කැබ් රථ පාරිභෝගිකයින් සොයා ගමන් කිරීමට අවශ්‍ය නොවන අතර GPS තාක්ෂණය හරහා පාරිභෝගිකයින් හට තමන්ට ආසන්නතම කැබ් රථය ජංගම දුරකථනය හරහා සොයා ගැනීමට අවස්ථාව සලසා ඇත. එම ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂනයෙන් පික්මී තාක්ෂණය භාවිතා කරන රියදුරන්ගේ ඉන්ධන පරිභෝජනය 50%කින් අඩු කර ඇති බව පෙන්වා දී ඇත. මෙයින් පරිසරයට විශාල සේවාවක් සිදුවන අතර මෙම ඉන්ධන ඉතුරුවෙන් රියදුරන්ට වඩාත් ප්‍රතිඵලදායක ව්‍යාපරයක් ඇති කිරීමද සිදු කරයි.
පළමුව කැබ් සේවාවක රැකියාවෙහි නිරතව සිට පසුව පික්මී සමාගම සමග මාස හතරක කාලයක සිට සේවයේ යෙදෙන රියදුරු මහතෙකු පවසා සිටියේ කැබ් රථ සේවාවේ රැදී සිටි කාලයේ ඔහු තම නැනෝ කැබ් රථය භාවිත කල බවත් එයින් ලැබූ ආදායම තම රථයේ බදු ගෙවීමට පවා ප්‍රමාණවත් නොවූ බවයි. එහෙත් පසුව ඔහු එම සමාගමෙන් ඉවත් වී තනිවම රථය ධාවනය කිරීමට පටන්ගත් අතර එමගින්ද ඔහුගේ ආර්ථිකයට යහපතක් සිදුවී නොමැත. පසුව ඔහු තවත් අවස්ථා සදහා සොයමින් සිටින අතරතුර පික්මී සේවාව හමු වූ බවත් මෙම කෙටි කාලය අතරතුර පික්මී සේවාව ඔහුගේ ආර්ථිකයට විශාල පිටුවහලක් වූ බවත් ඔහු පැවසීය. මෙම අවස්ථාව වනවිට ඔහු තවත් අළුත් රථයක් මිළදී ගෙන ඇති අතර පරණ රථය සදහා රියදුරෙකුද කුලියට ගෙන ඇත. එම නිසා පික්මී ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් බව ඔහුගේ විශ්වාසයයි.
ව්‍යසායකයෙකු හා පික්මී සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී වන ජිෆ්රි සුල්ෆර් මහතා සදහන් කරන්නේ, තාක්ෂණය මත පදනම් වන මෙම ක්‍රමවේදය ඔහුගේ වඩාත්ම සාර්ථක ව්‍යාපාරයන්ගෙන් එකක් වන බවයි. ඔහු පවසන ආකරයට බොහෝ ආරම්භක සමාගම් සමග නූතන තාක්ෂණයෙහි බලය භාවිතා කරමින් එම සමාගම් වල සිටින සියලු පාර්ශ්වකරුවන් සදහා ඉතාමත් ඵලදායී පිරිවැය විසදුම් ලබා දුන් බව ඔහු ප්‍රකාශ කරයි. එමෙන්ම පික්මී සමාගම එම සමාගම් අතරින් වඩාත් සාර්ථකම දෙශීය ව්‍යාපාරය බවත් දැනටමත් ඔවුන් මෙම නව විසදුම තුළින් සාර්ථක අවස්ථා දකින ශක්තිමත් ආයෝජකයින් සමහ හවුල් වී ඇති බවත් සුල්ෆර් මහතා සදහන් කළේය. පික්මී සමාගම සේවා සපයන්නෙක් පමණක් නොව එයින් ඔබ්බට යමින් ව්‍යසායකයින්ට සහ සේවා සපයන්නන් හට, ව්‍යාප්ත වෙමින් පවතින මෙම තාක්ෂනය හරහා බොහෝ ප්‍රතිලාභ අත්කර දීමට හැකියාව පවතින බව ඔහු තවදුරටත් පැවසීය. මෙහි ඇති විශාලතම වාසිය නම් මෙම සමාගම සියයට සියයක් ශ්‍රී ලාංකික ආයතනයක් වන අතර එමගින් ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා මැනවින් අවබෝධකර ගනිමින් වඩාත් සාර්ථක වූ විසදුම් ලබා දීමට හැකියාව පවතින බව ඔහුගේ විශ්වාසයයි.
මෙම යෙදුමට එකතු වූ නව අංගක් වන Pickme Business විශේෂාංගය මගින් ආයතනයේ වැඩ කරන නිළධාරීන්ට හා සේවකයින්ට වඩා ආරක්ෂිත වූ ගමනාන්තයක් ලබා දීම ආයතනයේ අපේක්ෂාවයි. එමෙන්ම ETA Sharing තුළින් තමගේ ගමනාන්තය සදහා ගතවන කාලය පාරිභෝගිකයන් හට ඇස්තමේන්තුගත කර ලබා දෙන අතර තම ගමනේ තොරතුරු සිය පවුලේ අය සමග හුවමාරු කරගැනීමටද හැකියාව ඇත. මෙම සිංහල හා දෙමළ භාෂාව පදනම් කරගත් නව අතුරු මුහුණත් නිර්මාණය කිරීම, ආයතන ගමන් මගෙහි එක් පියවරක් පමණක් වන අතර මෙය පික්මී සමාගමට ඉතා විශාල වාසියක් අත්කර දෙන බව සුල්ෆර් මහතා පවසා සිටියේය.
Photo - Project Manager- Irfan Mohideen, Head of Operations- Thivanka Perera, and CEO of PickMe Jiffry Zulfer on stage
Video Story