පිම්මේ උඩ ගිය රන් මිල පහළට

    October, 21, 2025

    අද (21) පස්වරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 342,200ක් දක්වාත් කැරට් 24 රන් පවුමක මිල රු. 370,00ක් දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

    මේ අනුව රුපියල් 20,000ක පමණ මිලකින් අද දිනය තුළ මෙරට රන් මිල අඩු වී ඇත.

    පසුගිය කාල සීමාව තුළ වෙළෙඳපොළ තුළ රත්‍රං මිල පාලනයකින් තොරව ඉහළ යාමක් නිරීක්ෂණය වුවත් මේ වන විට අනවශ්‍ය ලෙස ඉහළ ගිය රන් මිලෙහි යම්කිසි පාලනයක් දක්නට ලැබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    මේ අතර ගෝලීය රන් අවුන්සයක මිල අද (21) දිනයේ දී ඩොලර් 4,275 ක් දක්වා 1.53%කින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    පසුගිය සිකුරාදා (ඔක්තෝබර් 17) මෙතෙක් ඉතිහාසයේ ඉහළම දේශීය රන් මිල වාර්තා කරමින් කැරට් 22 රන් පවුමක මිල රු. 379,200ක් දක්වාත් කැරට් 24ක රන් පවුමක මිල රු.410,000ක් ඉහළ ගොස් තිබිණ.