March, 4, 2025
අනාගතයේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇති බවත්, පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (04) පෙරවරුවේ පැවති ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවක දීයි.
ඔහු එහි දී වැඩි දුරටත් පවසා සිටියේ 2022 වසරේ ප්‍රථම වරට ඔවුන් මෙරටට පැමිණෙන විට ඉන්ධන, ගෑස්, ඖෂධ වැනි කුමන හෝ පොලීමක මෙරට ජනතාව රැදී සිටි බවත් එකල මෙරට ආර්ථික ක්‍රියාකාරකම් වල ඉතා මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබුන බවත්ය.
කෙසේ වෙතත් මේ වන විට එම වතාවරණය යතා තත්ත්වයට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තව ද විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ සංචිත මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්, දැනටමත් එම වැඩසටහනේ අපේක්ෂිත අරමුණු වලින් අඩක් පමණ මේ වන විටත් ලගාකර ගැනීම සිත්ගන්නා සුළු බවත් පීටර් බෲවර් ප්‍රකාශ කළේය.
Video Story