පීපල්ස් ඉන්ෂුවරන්ස් මූලික කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්

    December, 16, 2015

    රුපියල් මිලියන 750 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා අද දිනයේ (16) දී විවෘත කරනු ලැබූ පීපල්ස් ඉන්ෂුවරන්ස් හි මූලික මහජන කොටස් නිකුතුවට ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී තිබේ.

    රු. 15.00 බැගින් කොටස් මිලියන 50 ක් මෙහිදී නිකුත් කරනු ලැබීය.

    පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස්, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන පළමු සාමාන්‍ය රක්ෂණ (General insurer) සමාගමයි. සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රෙය් නිරත මෙරට සමාගම් අතුරින් 5 වැනියට විශාලතම සමාගම වන්නේ ද පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමයි.