පීපල්ස් ලීසිං ණයකරේට අධි ඉල්ලුමක්

    November, 6, 2015

    පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් තිබූ බව වාර්තා වේ. සමාගම විසින් ලැයිස්තුගත, ශ්‍රේණිගත, ජ්‍යෙෂ්ට, අනාරක්ෂිත, නිදහස් කළ හැකි ණයකර මිලියන 40 ක් රුපියල් 100 බැගින් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණි.

    එහිදී නිකුතුව සඳහා අධි ඉල්ලුමක් පැවතියහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට ද සමාගම සැලසුම් කරන ලදී. මේ අනුව මිලියන 60 ක් වූ සමස්ත ණයකර නිකුතුව සඳහාම අධි දායකත්වයක් ලැබුණු බව පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබිණි.

    මෙම ණයකර නිකුතුව හරහා සමාගම විසින් සම්පාදනය කර ගනු ලැබූ මුළු අරමුදල රුපියල් බිලියන 6 කි. ණයකර නිකුතුව ඊයේ අවසන් විය.

    Video Story

    Stock Market

    Exchange Rates