June, 1, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, බංග්ලාදේශයේ එලයන්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් කම්පැනි ලිමිටඩ් සමඟ පසුගිය මැයි 16 වන දින ගිවිසුමකට එළඹ තිබේ.
බංග්ලාදේශයේ 1993 මූල්‍ය ආයතන පනත ප්‍රකාරව එළඹ ඇති මෙම ගිවිසුමට අනුව එලයන්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 51% ක අයිතිය ශ්‍රී ලංකාවේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී අත්පත් කර ගෙන තිබේ. මෙය සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රමාණයෙන් කොටස් මිලියන 51 කි.
මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමත් සමඟම පීප්ල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් විසින් නම් කරනු ලබන අධ්‍යක්ෂවරුන් පත් කිරීම ඉදිරියේ දී සිදුකිරීමට නියමිතය.
Video Story