February, 1, 2017
ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ශාඛා ජාලය පුළුල්කිරීමේ වැඩසටහන යටතේ තම දෙවන ශතකයේ ශාඛා ඇරඹුම මෙම වර්ෂය ඇරඹුමත් සමග සිදුවිණ. ඒ අනුව එම සමාගමේ 101 හා 102 ශාඛා ලෙස වලස්මුල්ල හා කින්නියා ශාඛා වාවෘත කෙරුණු අතර 103වන ශාඛාව පසුගියදා වරකාපොල නගරයේදී (අංක 177, නුවර පාර, වරකාපොල) උත්සවශී‍්‍රයෙන් විවෘත කෙරුණි.
පීපල්ස් ලීසිං සමාගමේ සියවන ශාඛාව පසුගිය දෙසැම්බරයේදී හංවැල්ල නගරයේදී විවෘත කෙරුණු අතැර එයින් පසු වලස්මුල්ල, කින්නියා, ගලෙන්බිඳුණුවැව හා හි`ගුරක්ගොඩ යන නගරවල පීපල්ස් ලීසිං ශාඛා හා සේවා මධ්‍යස්ථාන විවෘත කෙරුණි. මෙම අවස්ථාවන්ට පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී, ඞී.පී. කුමාරගේ මහතා හා අනුප්‍රාප්තික ප්‍රධාන විධායක නිලධාරී, සබී්ර ඊබ්‍රහිම් මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාරීක්වය, විශේෂ ආරාධිතයන් හා ගනුදෙනුකරුවෝ සහභාගී වූහ.
පීපල්ස් ලීසිං සමාගමේ ශාඛා ජාලයේ දෙවන ශතකය පිළිබඳව අදහස් දක්වමින් එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ලයනල් ප්‍රනාන්දු මහතා පැවසුවේ, ‘අපගේ ගනුදෙනුකරුවන් අතර මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් දිනෙන් දින වේගයෙන් ඉහළ යන විශ්වාසයක් පීපල්ස් ලීසිං සමාගමට තිබෙනවා. අප සමාගම ලක්වැසියන් වෙනුවෙන් සපයන්නේ අසමසම මූල්‍ය සේවාවක්. එහෙයින් එම සුවිශේෂී සේවාව මෙරට සෑම ප්‍රදේශයකම ජීවත්වන පුරවැසියෙකුටම ලබාදීම අප සමාගමේ අරමුණක්. වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත පරිශ්‍රයන් මෙන්ම ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළගා විය හැකි දුරින් ශාඛා පිහිටුවීම සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං සමාගමේ වගකීමක්. නිරන්තරයෙන්ම ආසන්න නගර නියෝජනය වන ලෙසින් වැඩි පහසුකම් සහිත නව ශාඛා පිහිටුවන්නේ අපට හිමි එම පාරිභෝගික විශ්වාසයට කෘතඥතාව පළකිරීමක් ලෙසින්.’ යන්නය.
ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.
එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring)" , ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය සේවාවන් කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාවසැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.
පීපල්ස් ලීසිං සමාගමේ වලස්මුල්ල ශාඛාව විවෘත කිරීමෙන් පසු පළමු ගනුදෙනුව සිදු කළ අවස්ථාව අවස්ථාව. වමේ සිට දකුණට, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ඞී.පීි. කුමාරගේ, අනුප්‍රාප්තික ප්‍රධාන විධායක නිලධාරී, සබි්ර ඊබ්‍රහිම්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), දමිත් මලවිතන්තිල හා ප්‍රධාන කළමනාකරු, හසන්ත ද සිල්වා යන මහත්වරුන්.
Video Story