පීපල්ස් ලීසීං නිකුතුව ඉතිරෙයි

    September, 15, 2014

    පීපල්ස් ලීසීං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම විසින් නිකුත් කළ එකක් රුපියල් 100 ක් වන බැඳුම්කර මිලියන පහලොවේ නිකුතුව සඳහා රුපියල් බිලියන තුනක් ඉක්මවන අධි ඉල්ලුමක් ඇතිවී තිබේ.

    මේ නිසා, නිකුතු කළමනාකරුවන් සඳහන් කරන්නේ මෙය අද සවස 4.30 ට අවසන් කරන බවයි.

    නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇතිවුවහොත් තවත් බැඳුම්කර මිලියන 15 ක් නිකුත් කරන බව සමාගම මීට පෙර සඳහන් කළේය.