July, 7, 2014
පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් එහි කාබන් නිෂ්පාදන සමාගම වන Beico Link Carbon (Pvt) Ltd සමාගමේ 100% ක කොටස් විකිණීමට සූදානම් වෙද්දී මෙම සමාගම් සමූහයේ නව කොටස්කරුවෙකු වූ ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම එම විකිණීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ගනී.
මේ අනුව, ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ පී.සී.හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ කිසිදු වත්කමක් විකුණා දැමිය නොහැකි වන ලෙස වාණිජ මහාධිකරණයෙන් මෙම අතුරු තහනම් නියෝගය ලබාගත් බවයි.
මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම සතු කාබන් නිෂ්පාදනය කරන Beico Link Carbon (Pvt) Ltd සමාගමේ 100% ක කොටස් බැංකු සහ අනිකුත් වගකීම්ද ඇතුළත්ව රුපියල් මිලියන 180 කට විකුණා ණය කරුවන්ගේ මුදල් වලින් කොටසක් ගෙවීමට සමාගම තීරණය කර තිබෙන බව පසුගියදා දැනුම් දෙන ලදී.
මේ අනුව, Beico Link Carbon (Pvt) Ltd සමාගම විකිණීමට තීරණය කර තිබුණේ එම්.එම්. වෙන්චර් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නැමති සමාගමටයි.
ගෙවිය යුතු ණය වලට අදාළව ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව විසින් මේ වනවිටත් Beico Link Carbon (Pvt) Ltd සමාගමට එන්තර වාසි යවා තිබෙන අතර බැංකුව සතු පරාටේ බලය යොදා ගනිමින් උකස් කර තිබෙන දේපොළ පිළිබඳව ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතය.
Video Story