May, 2, 2025
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන එළඹෙන මැයි 06 අඟහරුවාදා දින, කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පස්වරු 12.30 ට අවසන් කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.
සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා ක්‍රියාත්මක අතර ආයෝජකයින්, කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වෙළෙඳපොළ සහභාගිකයින්ගේ පහසුව වෙනුවෙන් මෙලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දින සාමාන්‍ය වේලාවට කලින් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කිරීමට තීරණය වී ඇත.
Video Story