December, 26, 2024
පුද්ගලික වාහන ආනයනයට අදාළ අවශ්‍ය තොරතුරු සම්බන්ධයෙන් මේ වන විට අවසානයකට පැමිණ නොමැති බවත්, නුදුරේ දීම එම තීරණය ගන්නා බැවින් නොබෝ දිනකින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පවසයි.
අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්ය කේන්ද්රයේදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.
“ඒ තුළින් පැති කිහිපයක් බලලා තමයි මේකට අවශ්‍ය කරුණු සූදානම් කරලා තියෙන්නේ. රටේ තියෙන සංචිත පිළිබඳ පැත්ත බලලා, විනිමය අනුපාතයන් පිලිබඳ පැත්ත බලලා, රටේ ජනතාවගේ තියෙන අවශ්‍යතාවයන් තියෙන පැත්ත බලලා, මේ හැම දෙයක්ම බැලන්ස් කරගෙන විදියට තමයි ඒකට ක්‍රමවේදය සූදානම් වෙන්නේ. පෞද්ගලික වාහන ආනයන පිළිබඳ මේ වෙන කොට අවශ්‍ය තොරතුරු finalize වෙලා නැහැ. තව ටික දවසකින් ඒක finalize වෙයි. මොකද බොහොම සුළු කාලයකින් ඒක ක්‍රියාත්මක වෙන්න තියෙන නිසා.“
Video Story