April, 3, 2015
පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම කඩිනම් කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පතක් ගෙන ඒමට රජය සූදානම් වේ.
මේ අනුව, කම්කරු අමාත්‍ය එස්.බී. නාවින්න විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී ඇත.
පෞද්ගලික අංශයේ සියළුම සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000 ක් වනු ඇති බවටත් 2015 මැයි 01 වනදා සිට එය මූලික වැටුප වශයෙන් ක්‍රියාත්මක වනු ඇති බවටත් වන යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කරන බව රජය සඳහන් කරයි.
මීට අමතරව, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් රුපියල් 2,500 කින් වැඩි කිරීමේ පළමු පියවර වශයෙන් 2015 මැයි 01 වනදා සිට සේවකයින්ගේ දැනට පවත්නා වැටුප රුපියල් 1500 කින් වැඩි කරන බවත් දෙවන පියවර යටතේ 2016 ජනවාරි 01 වනදා සිට 2015 දෙසැම්බර් 31 වනදා ගෙවන වැටුපට තවත් රුපියල් 1000 ක් එක් කරන බවත් රජය සඳහන් කරයි.
Video Story