පුද්ගල ආදායම් බදු අඩුවෙන්නේ මෙහෙමයි

    September, 13, 2024

    2025 වසරේ සිට පුද්ගල ආදායම් බදු අයකිරීම් (Personal Income Tax) පහත හෙළීමට කැබිනට් මණ්ඩලට තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අද (13) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

    “උපයන විට ගෙවීම් බද්ද අඩු කිරීම පිළිබඳව රජයේ යෝජනාවලියකුත්, ඒ සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලියකුත් කියලා යෝජනාවන් දෙකක් තියෙනවා. එයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවලිය පිළිගන්න අද කැබිනට් මණ්ඩලය තීරණය කළා.“

    මෙම පුද්ගල ආදායම් බදු සංශෝධන, 2025 අයවැය යෝජනා වෙත ඇතුළත් කිරීමට නියමිත අතර 2025 අප්‍රේල් මාසයේ සිට බලාත්මක වනු ඇත.

    ඒ අනුව එක් එක් වැටුප්තලයන් හිදී අයකෙරෙනු ලබන පුද්ගල ආදායම් බදු නැතහොත් උපයන විට බදු අයකිරීම් පරිදි සංශෝධනය වනු ඇත.

    මෙම නව බදු යෝජනාවන්ට අනුව බදු නිදහස් සීමාව වාර්ෂිකව රු. මිලියන 1.2 සීමාවේ වෙනසක් සිදුවන්නේ නැත.

    මීට අමතරව බදු අය කෙරෙන ආදායම් ගණනය කිරීමේ පරාසයන් රු. 500,000 සිට රු. 720,000 දක්වා පුළුල් කර ඇත.

    6% අවම බදු සීමාවෙහි සහ 36% උපරිම බදු සීමාවෙහි වෙනසක් සිදුවන්නේ නැත.

    ඒ අනුව එක් එක් වාර්ෂික ආදායම් පරාසයන්ට අනුව අය කෙරෙන පුද්ගල ආදායම් බදු ප්‍රතිශත පහත පරිදි වේ.

    රු. 1,200,000 ක් දක්වා බදු අය කිරීමක් නැත.

    රු. 1,200,000 සිට රු. 1,920,000 - 6%

    රු. 1,920,001 සිට රු. 2,640,000 - 12%

    රු. 2,640,001 සිට රු. 3,360,000 - 18%

    රු. 3,360,001 සිට රු. 4,080,000 - 24%

    රු 4,080,001 සිට රු. 4,800,000 - 30%

    රු. 4,800,000 ට වැඩි - 36%

    මේ අනුව එක් එක් මාසික ආදායම් මට්ටම්වලට අදාළ පුද්ගල ආදායම් බදු ගෙවීමේ දී ලැබෙන බදු සහනය පහත පරිදි වේ.