පෙට්‍රල් නැව් තොග 5ක කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවේ විටෝල් ඒෂියා සමාගමට

    November, 6, 2024

    2024-12-01 දින සිට 2025-05-31 දින දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 05ක් (බැරල් මිලියන 1.5ක්) දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් යටතේ සපයා ගැනීම පිණිස ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ගබඩාගත ටැංකිවලින් නිකුත් කිරීමේ දී ගෙවීමේ ක්‍රමවේදය සහ නෞභාරපත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය යන විකල්ප ගෙවීම් කොන්දේසි යටතේ ලංසු කැඳවා තිබේ.
    ඒ අනුව ලංසු 07ක් ලැබී ඇති අතර, මූලික ඇගයීමේදී ලංසු 03ක් ප්‍රතික්ෂේප වී ඇත.
    ස්ථාවර තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව අදාළ කොන්ත්‍රාත්තුව නෞභාරපත නිකුත් කළ දින සිට දින 30කින් ණයවර ලිපියක් මඟින් ගෙවීම් කිරීමේ ක්‍රමවේදය යටතේ සිංගප්පූරුවේ විටෝල් ඒෂියා පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.