පෙට්‍රල් රුපියල් 33 කින් සහ ඩීසල් රුපියල් 16 කින් අඩු කරයි

    January, 21, 2015

    අද මධ්‍යම රාත්‍රියේ සිට 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 117 ක් දක්වා රුපියල් 33 කින්ද, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 95 ක් දක්වා රුපියල් 16 කින්ද අඩුකිරීමට රජය පියවර ගෙන තිබේ.

    මීට අමතරව, 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 128 ක් දක්වා රුපියල් 30 කින් අඩුකර තිබෙන අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 110 ක් දක්වා රුපියල් 23 කින් අඩුකර ඇත.

    එසේම, භූමිතෙල් ලීටරයක් රුපියල් 65 ක් දක්වා රුපියල් 16 කින් අඩුකරන බව රජය සඳහන් කරයි.

    ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ගණන් වෙනස්වීම හා වෙනත් වෙළඳපොළ ක්‍රියාකාරකම් මත පදනම්ව රටේ ආර්ථිකයට ගැළපෙන අයුරින් ඉන්ධන සඳහා කඩිනමින් මිළ සූත්‍රයක් හඳුන්වා දෙන බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියයි.