February, 10, 2026
2026 පෙබරවාරි මාසයේ පළමු දින 8 තුළ 80,776ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 358,103ක් ලෙසයි.
මෙම කාල සීමාව තුළ 11,817ක ඉහළම සංචාරක පැමිණීම පෙබරවාරි 02 වන දින වාර්තා වී ඇති අතර පෙබරවාරි 04 වන දින හැර අනෙකුත් සෑම දිනයකම 9,500 ඉක්ම වූ සංචාරක පැමිණීමක් වාර්තා වී තිබීම ද විශේෂත්වයකි.
පෙබරවාරි මාසයේ පළමු දින 8 තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 12,439ක් එක්සත් රාජධානියෙන් 9,283ක් රුසියාවෙන් 6,946ක් සහ ජර්මනියෙන් 5,401ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.




Video Story