පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය වංචාවක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

    March, 31, 2021

    පේරාදෙණිය විශ්ව විද්යලයට අනුබද්ධ පශ්චාත් විද්යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජ්යෙෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.
    පේරාදෙණිය විශ්ව විද්යාලයට අනුබද්ධ පශ්චාත් විද්ය උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා තිබූණු ස්ථාවර තැන්පතු 14ක් 2009 ජනවාරි 01 දින සිට 2016 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුළ අවසන් කර, ලබා ගත් රුපියල් මිලියන 93 (රුපියල් 93,287,025) ක මුදලින්, රුපියල් මිලියන 37 ක් (රුපියල් 37,948,865) ක් පමණක් නව ස්ථාවර තැන්පතු වල ආයෝජනය කර රුපියල් මිලියන 50 (රුපියල් 50,338,160) ක මුදලක් ජ්යෙෂ්ඨ සහකාර මූල්යාධිකාරීවරයා විසින් වංචා සහගත ලෙස පෞද්ගලිකව මුදලින් ලබාගෙන මූල්ය වංචාවක් සිදු කොට තිබේ.
    මෙම මූල්ය වංචාව සම්බන්ධ නිලධාරිවරයාගේ වැඩ තහනම් කොට ඇති අතර මේ පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්ෂණයක් සිදු කෙරෙමින් පවතී. විශ්ව විද්යලය තුළ මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීම සඳහා පේරාදෙණිය විශ්ව විද්යලයේ පාලක සභාව මගින් විනය පරික්ෂණයක්ද සිදු කරමින් පවතින අතර අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ද අධිභාර පැනවීමක් සිදු කරන බවද පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ පොදු ව්යාපාර පිළිබද කාරක සභාවේදී තවදුරටත් අනාවරණය විය.
    පේරාදෙණිය විශ්ව විද්යලයට අනුබද්ධ පශ්චාත් විද්ය උපාධි ආයතනයේ 2018 සහ 2019 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළබඳ විමර්ශනය කිරීම සදහා මෙම කෝප් රැස්වීම කැදවා තිබිණි.