පොදු ප්‍රවාහනයට පෙර ගෙවුම් කාඩ් පත්

    March, 14, 2016

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පෞද්ගලික බස් රථ හිමියන්, රාජ්‍ය බැංකු හා තොරතුරු තාක්ෂණ සමාගම්වල සහයෝගය ඇතිව පෙර ගෙවුම් කාඩ්පත් හරහා ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමයක් මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මෙහිදී වැඩිදුරටත් රජය පෙන්වා දෙන්නේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මක සංවර්ධනය සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේද භාවිතය අද බොහෝ රටවල ප්‍රචලිත වෙමින් පවතින බවත්, ඉලෙක්ට්‍රොනික ගාස්තු අය කිරීමේ ක්‍රමය මේ අතරින් ඉතා ජනප්‍රියව ඇති බවත්ය.

    මගීන්ගෙන් ගාස්තු අය කිරීමේදී එමඟින් ඉතා නිවැරදිව ‍අදාළ මුදල අය කළ හැකි වීම, නිසි ආදායම බස් හිමියාට හිමි වීම, මාරු කාසි රැගෙන යාමේ අපහසුතා මගහරවා ගත හැකි වීම මෙම ක්‍රමයේ වාසි අතර වේ.