තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා වන Monorail හා Light Railway Transport (LRT) වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස්රිය සේවා වැඩිදියුණු කිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමානුකූලව හඳුන්වාදීමට කටයුතු කරන බව ජාතික ජන බලවේගය පවසයි.
ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) පෙරවරුවේ දී එළිදක්වනු ලැබූ අතර එහි ‘මහජන ප්‍රවාහන සේවාවක් - කාර්යක්ෂම ගමනාන්තයක්‘ පරිච්ඡේදය යටතේ දක්වා ඇති ඉහත යෝජනාවට අමතරව ඉදිරිපත් කර ඇති අනෙකුත් යෝජනා පහත පරිදි වේ.
දුම්රිය සේවය
- අබලන් තත්වයේ පවතින දුම්රිය මාර්ග නවීකරණය කර, විධිමත් නඩත්තු වැඩපිළිවෙළක් හඳුන්වා දී නවීන තාක්ෂණයෙන් යුත් ස්වයංක්‍රීය සංඥා පද්ධති ස්ථාපනය
- අවශ්‍යතා පදනමින් ක්‍රමානුකූලව ප්‍රධාන දුම්රිය මාර්ග මංතීරු දෙකේ මාර්ග ලෙසටත්, ප්‍රධාන නගර ආශ්‍රිතව මංතීරු තුනේ මාර්ග ලෙසත් වැඩිදියුණු කිරීම
- ප්‍රමුඛතා පදනමින් ක්‍රමානුකූලව දැනට දුම්රිය මාර්ග ජාලය මගින් ආවරණය නොවන ප්‍රදේශ දක්වා දුම්රිය මාර්ග දීර්ඝ කර සෑම ප්‍රධාන නගරයකටම දුම්රිය සේවා සැපයීම
- දුම්රිය මැදිරි වැඩිපුර යෙදවීම හා දුම්රිය ගමන් වාර වැඩිකිරීමෙන් උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාර්යක්ෂම දුම්රිය සේවාවක්
- ක්‍රමානුකූලව දුම්රිය පද්ධතිය විදුලිබලයෙන් ක්‍රියාත්මක කෙරෙන දුම්රිය දක්වා වැඩි දියුණු කිරීම
- නිෂ්පාදන අමුද්‍රව්‍යද, පාරිභෝගික භාණ්ඩ මෙන්ම ගොවි සහ ධීවර නිෂ්පාදනද ආරක්ෂාකාරීව ප්‍රවාහනය සඳහා දුම්රිය සේවය කාර්යක්ෂම ලෙස භාවිත කිරීම
- මගී ජනතාව භාවිත කරන පුද්ගලික වාහන නවතා තැබීම සඳහා දුම්රියපොළ
ආසන්නයේ නැවතුම් පහසුකම්
- තදාසන්න ප්‍රදේශවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා වන Monorail හා Light Railway Transport වැනි ක්‍රමවේදයන් දුම්රිය හා බස්රිය සේවා වැඩිදියුණු කිරීමේ යෝජනාවන්ට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමානුකූලව හඳුන්වාදීම
බස් මගී සේවාව
- මගී ගමනාගමනය සඳහාම නිෂ්පාදිත හා පහසුකම් සහිත බස්රථ හඳුන්වා දී එම බස් රථ මිලදී ගැනීම සඳහා පහසු මූල්‍ය යෝජනා ක්‍රමයක්
- ප්‍රධාන මාර්ගවල හා වර්තමානයේ මගී බස් ප්‍රවාහනය බිද වැටී තිබෙනඅර්ධ නාගරික හා ග්‍රාමීය මාර්ගවල මෙන්ම රාත්‍රී කාලයේ ප්රවාහනයදවිධිමත් කරමින් ශක්තිමත් බස් මගී සේවාවක්
- නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් බස් රථවලින් ලැබෙන සියලුආදායම් සාධාරණ ලෙස බස් හිමියන් අතර බෙදීයන පරිදි නිර්ණයකරනු ලබන පොදු ප්‍රවාහන කලාප සඳහා ක්‍රමානුකූලව රාජ්‍ය සහපෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කරමින් ස්ථාපනය කෙරෙන පොකුරුබස් සමාගම්
- සියලු බස් රථවල ඩිජිටල් වේදිකාවක් ඔස්සේ පෙරගෙවුම් කාඩ්පත්මගින් ගෙවීම් කරන පොස් (pos) ටිකට් යන්ත්‍ර
- තදාසන්න ප්‍රදේශවල බස් මංතීරු වෙන්කිරීම හා ක්‍රමානුකූලව මගීප්රවාහනයට ප්‍රමුඛතාවය ලබාදෙන Bus Rapid Transit (BRT) ක්‍රම
- ක්‍රමානුකූලව පොදු ප්‍රවාහනය සඳහා විදුලි බලයෙන් ක්රයාත්මකකෙරෙන බස් රථ භාවිතය
- මගියාට ගෞරවනීය ලෙස කිසිදු ආකාරයක හිංසනයකින් තොරවබස් රථයේ ගමන් කළ හැකි පසුබිමක් නිර්මාණය කිරීමට අවශ්යආකල්පමය වෙනසක් සඳහා මගීන් සහ සේවකයින් දැනුවත් කිරීම සහපුහුණු කිරීම
- මගී ජනතාව භාවිත කරන පුද්ගලික වාහන නවතා තැබීම සඳහා බස් නැවතුම් ආසන්නයේ වාහන නැවතුම් පහසුකම්
විධිමත් සහ අනිවාර්ය කාලසටහන් ක්‍රමයක්
- දුම්රිය සේවය සඳහා මෙන්ම බස් මගී සේවය සඳහාද අනිවාර්ය කාලසටහන් ක්‍රමයක්
- උදෑසන සිට මධ්‍යම රාත්‍රිය දක්වාම කාලසටහනකට අනුව ක්‍රියාත්මකවන අනිවාර්ය පොදු ප්‍රවාහන සේවය
- ඩිජිටල්කරණය කළ කාලසටහන් අන්තර්ජාලයේ ස්ථාපනය කෙරෙන
අතර දුම්රිය හා බස් නැවතුම්පොළවල ධාවන කාලසටහන් ප්‍රදර්ශනය
කර එම කාලසටහන්වලට අනුවම ධාවනය
- මගී ජනතාවට මාර්ගගත ක්‍රමයට දුරගමන් සේවාවන්හිදී කල් ඇතිව ආසන වෙන් කරගැනීමට අවස්ථා
මගී හුවමාරු නගර (Transit Cities)
- තදාසන්න ප්‍රදේශවලට දුර පළාත්වලින් පැමිණෙන මගීන්ට බස් නැවතුම්පොළ සහ දුම්රිය නැවතුම්පොළ එකම ස්ථානයක පිහිටි මගී හුවමාරු නගර
- හුවමාරු නගරවල සිට ප්‍රධාන නගර වෙත කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවා
- හුවමාරු නගරවල ආරක්ෂා සහිත මෝටර් රථ ගාල් සහ අනෙකුත් පොදු පහසුකම්