පොදු රාජ්‍ය මණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ සැසිවාරයේ සභාපතිත්වය ඇමති නිරෝෂන්ට

    July, 26, 2016

    ඕස්ට්‍රේලියාවේ පවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබද සැසිවාරයට සහභාගී වීම සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රීලංකා නියෝජිත පිරිසපසුගියදා ඔස්ට්‍රේලියාව බල පිටත් විය.

    මෙහිදී අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධ පිළිබඳවත්, අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරේ.

    ඊයේ (25) පෙරවරුවේ පොදු රාජ්‍ය මණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබද පළමු සැසිය ආරම්භ වූ අතර මෙවර සැසිවාරයේ සභාපතිත්වය ශ්‍රී ලංකාව නියෝජනය කල ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ට හිමි විය.

    මේම නියෝජිත පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මලිත් ජයතිලක යන මහත්වරුන්ද සහභාගී විය.