December, 23, 2024
2024 නොවැම්බර් මාසයේ දී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන ආදායම 13.08% කින් ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
2024 නොවැම්බර් මාසයේ අපනයන කාර්යසාධන දත්ත ප්රකාශයට පත් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරන්නේ 2023 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 62.06 ක් ලෙසින් වාර්තා වී තිබෙන පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන ආදායම 2024 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 70.18 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර 2024 ජනවාරි - නොවැම්බර් මාස 11ක කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 782.32 ක් ලෙසින් සටහන් වන අතර එය 2023 මුල් මාස 11 තුළ වාර්තා වී ඇති ඩොලර් මිලියන 652.70 ක පොල් ආශ්රිත නිෂ්පාදන අපනයන ආදායමට වඩා 19.86% ක වර්ධනයකි.
කෙසේවෙතත් ශ්රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1 ක් ලෙසින් සටහන් වී ඇති අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක පහත වැටීමකි.
Video Story