පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා ගත් ධම්මික, සමාගම් අධ්‍යක්ෂ තනතුරුවලින් ඉවත්වෙයි

    June, 10, 2022

    ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

    මේ අතර ඔහු විසින් සභාපති/ අධ්‍යක්ෂ තනතුරු දැරූ ලැයිස්තුගත සමාගම්වලින් ඉවත් වී ඇති බව අදාළ සමාගම් විසින් නිල වශයෙන් මේ වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.

    පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අතින් ධම්මික පෙරේරා මහතා පක්ෂ සාමාජිකත්වය ලබා ගත් අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ.

    එක් එක් ලැයිස්තුගත සමාගම්වලින් ඔහු දැරූ තනතුරුවලින් ඉවත් වූ බවට කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත කරන ලද දැනුම් දීම් පහතින් දැක්වේ.