March, 29, 2016
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 මාර්තු මාසය වෙනුවෙන් සිදුකරනු ලබන මුදල් ප්‍රතිපත්ති විවරණය අද (29) සවස 6.00 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
පසුගිය මස පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% දක්වා පදනම් අංක 50 බැගින් ඉහළ නැංවීමට පියවර ගැනුණි. මීට අමතරව ජනවාරි 16 වැනි දින සිට දේශීය වෙළෙඳපොළේ අතිරික්ත මුදල් ද්‍රවශීලතාව පාලනය කිරීමේ අරමුණින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.5% දක්වා ඉහළ නංවන ලදී.
ඊයේ දිනය තුළ දී ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල වරට ශ්‍රී ලංකා රුපියල් 148 ඉක්මවා ගියේය.
මෙවැනි වපසරියක් තුළ අද දින මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත තීරණ වඩාත් තීරණාත්මක විය හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
Video Story