November, 16, 2015
'පොළොන්නරුව උදාව' සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, මාහෝ සිට මඩකළපුව දක්වා හා ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මීට සමගාමීව මෙම මෙම මාර්ගවල සියලූම දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණයට ද පියවර ගැනෙනු ඇත. පොළොන්නරුව කලාපය තුළ ජනතාව අතර දුම්රිය ගමනාගමනය එතරම් ප්‍රචලිත ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව නොමැති බැවින් වර්තමානයේ එම ප්‍රදේශ තුළ ක්‍රියාත්මක වන්නේ ඉතා අඩු දුම්රිය ප්‍රමාණයක් හා අඩු දුම්රිය වාර සංඛ්‍යාවකි.
මේ තත්ත්වය තුළ පොළොන්නරුව හා තදාසන්න නගරවල දුම්රිය ගමනාගමනය ප්‍රචලිත කිරීමට ද ‘පොළොන්නරු උදාව‘ හරහා රජය විසින් සැලසුම් කර තිබේ.
Video Story