December, 24, 2025
ශීත ඍතුව වෙනුවෙන්, පෝලන්තයේ සිට ශ්රී ලංකාවට පැමිණෙන ප්රථම මංගල ගුවන් යානය එරට සංචාරකයන් පිරිසක් රැගෙන ඊයේ (23) රාත්රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා විය.
ස්මාර්ට් වින්ග්ස් ගුවන් සේවයට (Smart Wings) අයත් 3Z-7648 දරන මෙම ගුවන් යානය ඊයේ රාත්රී 10.10 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත මෙලෙස පැමිණ තිබුණ අතර එය පිළිගැනීම සදහා ජල ආචාර (Water Salute) පැවැත්වීමට කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන තිබුණි.
ශීත ඍතුවේ මෙම පළමු මංගල ගුවන් ගමන සඳහා ස්මාර්ට් වින්ග්ස් ගුවන් සේවය විසින් Boeing 737 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර, එහි ගුවන් මගීන් 180 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 09 දෙනෙකු ද පැමිණ සිටියහ.
මෙලෙස පැමිණි පෝලන්ත සංචාරකයින් පිරිස පිළිගැනීම සදහා ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ සහ ජෙට් වින්ග් සංචාරක සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර මෙම සංචාරකයින් පිරිස මෙරට මුහුදු වෙරළ තීර , සීගිරිය , දඹුල්ල , මහනුවර , නුවරඑළිය සහ යාළ යන ප්රදේශ වල සංචාරය කිරීමට නියමිතයි.
මේ අතර මෙම පෝලන්ත ස්මාර්ට් වින්ග්ස් ගුවන් යානා සතියකට එක් වරක් , එනම් සෑම අගහරුවාදා දිනකම එළඹෙන 2026 වසරේ මාර්තු මස 15 දක්වා පෝලන්තයේ වෝර්සෝ නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව ඇත.
Video Story